Friday, July 11, 2014

ලොව බලගතුම යුද අවි හතර

Photo: ලොව බලගතුම යුද අවි හතර
රාවණ පරපුරේ උරුමයක්

රාවණ රජු අතිශයින් බලවත් රජෙකු වුවත් ඔහු යුද්ධයට හා බලය වර්ධනය කර
ගැනීමට ප‍්‍රබලව හිතයොමු කළ පාලකයකු නොවීය. ලංකා පුරයේ භෞතික
සංවර්ධනය මූලික අරමුණ කරගනිමින් ඒ සඳහා ජනතාව මෙහෙයවීම රාවණ
රජුගේ ප‍්‍රධාන අරමුණ විය. භෞතිකව රටක් සංවර්ධනයවීමට නම් පුද්ගල
සංවර්ධනය ඉතා වැදගත් අංගයක් බව ඔහු පසක් කර ගෙන සිටි බව පෙර ලිපි හොඳින්
අධ්‍යනය කළ විට පෙනී යන්නකි. එතුමා සමාජය නිවැරැුදි ආකාරයෙන් දිශාගත කිරීමට
නම් නිසි මඟ පෙන්වීමක් ඇවැසි බව හොඳින්ම තේරුම්ගෙන තිබූ බැවින් රාජ්‍ය පාලනයක්
ගෙනයෑම වෙනුවට මහා සම්මත පාලනයක් ගෙන ගියේය.
රාජ්‍ය පාලනය හා මහා සම්මත පාලනය යන පාලනතන්ත‍්‍ර දෙකෙහි පවත්නා ප‍්‍රබල
වෙනස්කම් පවතී. අප දන්නා ඉතිහාසයේ සිටි රජවරු ගෙන ගොස් ඇත්තේ රාජ්‍ය පාලනයකි.
එනම් රජුගේ තීරණය මත රාජ්‍ය විචාරීමයි. එය රාජ්‍ය පරම්පරාවක් ලෙස
ව්‍යාප්තවීමද සිදුවුණි. එහෙත් මහා සම්මත පාලනයකදී වැඩි දෙනාගේ එකඟතාව
නැතහොත් බහුතර කැමැත්ත මත ක‍්‍රියාකිරීමයි. එනම් සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී
පාලන ව්‍යුහයක් අදින් වසර පන්දහස් හාරසියයකට පමණ පෙර අප රටේ තිබී
ඇත.
වර්තමාන විද්වතුන් ග‍්‍රීක පෞර රාජ්‍යයන්වලින් බිහිවීයැයි සලකන
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඒ රාජ්‍යවලටත් හුරු කළේ ගුවනින් ගිය හෙළයන් බව නුදුරේදීම
පිළිගන්නට සිදුවනු ඇත. අනෙක් කාරණය වනුයේ සංවර්ධනයේ සෑම අංශයක්ම
අධිමානසික ශක්තීන් හරහා මනස දියුණු කළ ඍෂිවරු හා මුණිවරුන්ගේ
අධීක්ෂණය යටතේ සිදුවීමයි. මෙහිදී වර්තමාන සිද්ධාන්ත ගලපා බලන විට ඒ ඒ
ගෝත‍්‍රයේ ප‍්‍රවීණයන්ට නිසි තැන ලබා දෙමින් ක‍්‍රියා කර ඇති බව අපට පෙනීයයි.
මෙය හොඳින්ම ගම්‍ය වන එක් සාධකයක් වනුයේ
පැරැුණි රජ පාලනයන්හි එකල සිදුවන සියලූම ක‍්‍රියා රජුගේ නමින්ම ඉතිහාස
ගත වුවත් රාවණ යුගයේ ඒ ඒ කාර්යයන් ඒ ඒ පුද්ගලයන්ගේ නම්වලින්ම ජනප‍්‍රිය
වීමයි. එය සරලව පැවසුවහොත් කෘෂිකර්මාන්තය කුම්භකරණ, රසායන විද්‍යාව
විද්‍යුත් කුමරු, උමන් නිර්මාණය මකර සෙනෙවි, ආදී ලෙසින් පැවසිය හැකිවෙයි.
අනෙක් කාරණය වනුයේ සෑම ශාස්ත‍්‍රයක්ම ඍෂි භාෂිතයන් ලෙස පැවසීමද මේ
සඳහා හොඳම නිදසුනකි.
අප මෙවර කතා කිරීමට උත්සහ දරනුයේ රාවණ යුගයේ පැවති අති බලගතු
රහස් ආයුධ කිහිපයක් පිළිබඳය. රාවණ යුද්ධයට ප‍්‍රිය නොකළ රජෙක් ලෙස
අපි පෙරදීද හැඳින්වූවෙමු. එකල අති ප‍්‍රබල රණ කාමියා වූයේ මේඝයි. මේඝ යනු
රාවණ රජුගේ පුත‍්‍රයාය. ඉන්ද්‍ර දෙවියන් ජීවග‍්‍රහයෙන් අල්ලාගත් හෙයින් ‘ඉන්ද්‍රජිත්’
යන වීර නාමයෙන් හැඳින්වූ ඔහු තුන් ලොවම යටත් කොට තම පියාගේ පාලන
තන්ත‍්‍රයට නතුකළේය. රාම - රාවණ යුද්ධයේ සැබෑ හේතුවද මෙයයි.
අති ප‍්‍රබල මේඝ රාජ්‍ය බලයට පැමිණීමට පෙර විනාශ කර දැමීම, මෙම
යුද්ධයේ මූලික අරමුණ විය. එනම් දේව අධ්‍යාපන ක‍්‍රමවේදයන් ඒ වන විටත්
ඉන්ද්‍රජිත් සම්පූර්ණයෙන් හදාරා තිබීමයි. අනෙක් කාරණය වූයේ මහා සම්මතය
තුළ විභීෂණට කිසිදිනක රාජ්‍යය ලබාගත නොහැකිවන බව විභීෂණ අවබෝධ
කොටගෙන පැවතීමයි. ඒ හරහා මේඝ බලයට ඒම වැළැක්වීමේ ප‍්‍රබල කුමන්ත‍්‍රණයක්
දියත් විය.
මෙහිදී මතුවන එක් ගැටලූවක් ඇත. පුලස්ථි පරපුරේ පැවති ප‍්‍රබලම ආයුධ
අතුරින් එකක් වූ ‘බ‍්‍රහ්මස්තුය’ පරපුරේ උරුමයෙන් විභීෂණට හිමිවිය යුතු බව
පුලස්ථි ඍෂි නියමකර පැවතීමයි. අපට දැනට ලැබී ඇති තොරතුරු මත පරපුර
සතුව පැවති ප‍්‍රධාන අවි සතරකි. මෙම අවි සතරේම පවතින විශේෂත්වය වනුයේ
එය දරන්නාගේ ශක්තිය මුල් කරගනිමින් මෙම ආයුධ ක‍්‍රියාත්මක වීමයි. එම ආයුධ
සතර වනුයේ,
1/ චන්ද්‍රහාස් කඩුව
2/ දුන්න
3/ මෙත්තස්ත‍්‍රය
4/ බ‍්‍රහ්මස්ත‍්‍රය
මෙත්තස්ත‍්‍රය හැර අනිත් යුද ආයුධ තුන පරපුරේ උරුමයෙන් පැවත ආ
අතර, සක්විති රජකුට පමණක් පහළවන චක‍්‍රරත්නය රාවණ රජුට උරුම නොවීම
හේතුවෙන් රාවණ රජු විසින් මෙත්තස්ත‍්‍රය නිපදවීය.
චන්ද්‍රහාස් කඩුව
මෙය පිළිබඳ අප පෙරදීද කතාකළ අතර ඇල්නීලම් ග‍්‍රහලෝක වාසින් පෘථිවියේ
ඉදිකළ ජනාවාස හතට වෙන වෙනම රාජ්‍ය සංකේත ලෙස කඩු ලබාදුන්නේය. හෙළ
රාජ්‍යට ලබාදුන් කඩුව ‘චන්ද්‍රහාස්’ ලෙස හැඳින්වේ. මෙය දම් පැහැති ආලෝකයක්
නිකුත් කරන කුඩා ප‍්‍රමාණයේ කඩුවකි. මෙය අත දරන්නා කිසිදු විටක පරාජය කළ
නොහැකි අතර, සාමාන්‍ය ලෝහ කඩු මෙම කඩුව සමග සටන් කිරීමට යොදාගත
නොහැක්කේ, එම කඩු විනාශ වී යෑම හේතුවෙනි. එබැවින් මෙය අත දරන්නා
ජයග‍්‍රාහකයකුවීම කිසිවකුට වැළැක්විය නොහැකිය.
රජ්ජුබෝලා දුන්න
මෙය විශේෂිත දුන්නකි. එතරම් දිගු නොවූ අඩි දෙකහමාරක් පමණ දිගින් යුතු,
රිදී හා රන් මිශ‍්‍රව නිර්මාණය කර ඇති මෙම දුන්නේ ඇති ලණු ප‍්‍රමාණය තුනකි.
අප අසා ඇති නාග ශර, අග්නි ශර, මෙන්ම ඊශර විශාල ප‍්‍රමාණයක් මේ මඟින්
මුදා හැරිය හැකිවෙයි. එසේම කුණ්ඩලිනී ඥන ශක්තීන්ගේ ප‍්‍රබලත්වය මත මෙම
දුන්නේ ප‍්‍රමාණය පාලනය කළ හැකි අතර, විශේෂිත ‘ශර’ ප‍්‍රහාර එල්ල කිරීමේ
හැකියාවද පවතියි. එනම් ඥන ශක්තීන් වර්ධනය නොකරන ලද පුද්ගලයකු
මෙම දුන්න භාවිත කිරීමට උත්සහ ගතහොත් සාමාන්‍ය දුන්නක් ලෙසවත් මෙය
ක‍්‍රියාත්මක නොවීමයි.
මෙත්තස්ත‍්‍රය
මෙත්තස්ත‍්‍රය යනු ශබ්ද තරංග හා මානසික ශක්තීන් මුදාහරිමින් සතුරාගේ
මනස පාලනය කළ හැකි උපකරණයකි. මෙය සක්විති රජවරුන්ට ඉබේ පහළවන
චක‍්‍ර රත්නයට සමාන උපකරණයකි. චක‍්‍ර රත්නය හරහා සිදුවනුයේ ලෝකයම එය
දරන්නා අභිමුව මෝහනයට පත් වන්නා සේ ඔහුගේ පාලනයට නතුවීමයි. මෙය
වශීවීමක් හා සාමානය. එහෙත් පෙර රාවණ පරපුරේ සක්විති රජවරු සිටියද
රාවණ රජු සක්විති රජෙකු නොවීය. ඔහු තම හැකියාවන් හා හැදෑරීම් ඔස්සේ
බලයට පැමිණි රකුස් හෙළයෙකි. තුන් ලොව තමා යටතට නතුවෙද්දී චක‍්‍ර රත්නයේ
අවශ්‍යතාව එතුමා දුටුවේය. මෙත්තස්ත‍්‍රය නිර්මාණය වන්නේ ඒ උදෙසාය.
මෙම උපකරණය භ‍්‍රමණය කිරීම හරහා ශබ්ද තරංග ඇතිවන අතර එය
දරන්නාගේ මානසික ශක්තිය මත එම තරංග යොමුකළ හැකි සීමාව තීරණය කළ
හැකි වෙයි. එම සීමාවේ සිටින සියල්ලන් එය අත දරන්නාට මෝහනය වීම හෙවත්
යටත්වීම සිදුවෙයි. රාම - රාවණ යුද්ධයේ අවසන් සටනේදී මෙම අවිය රාවණ රජු
විසින් භාවිත කිරීම හේතුවෙන් රාම පාර්ශ්වය සම්පූර්ණයෙන්ම පරාජයට පත්වීම
සිදුවුණි. රාම සියදිවි නසාගනු ලබන්නේ ඔවුන්ගේ පරාජය වසා ගැනීමටය. රාවණ
රාජ්‍යයේ කිසිදු ජයග‍්‍රාහී රාජ්‍ය සංකේතයක් අයෝධ්‍යා වැසියන් ඉදිරියට රැුගෙන
යෑමට නොහැකිවීම හේතුවෙන් ඔවුනට සිදුවනුයේ සියදිවි නසාගන්නටය.
බ‍්‍රහ්මස්ත‍්‍රය
මෙය පරපුරෙන්ම උරුම වූයේ විභීෂණටය. මෙය චක‍්‍රාකාර උපකරණයකි.
හිසට උඩින් කැරකීමට හැකිලෙස, කරත්ත රෝදයක හැඩයට, අඩි තුනක පමණ
විශ්කම්භයක් සහිතව නිපදවූ මෙම උපකරණයෙන් එකවර ශර වර්ග කිහිපයක්
තිකුත්කළ හැකිවෙයි. ශර නිකුත් කළ යුත්තේ ඉදිරියටද, වටේටමද කෙතරම්
දුරකට යොමුකළ යුතුද යන්න තීරණය කිරීම එය දරන්නාගේ මානසික ශක්තිය
මත සිදුවෙයි. එකවර විශාල සතුරු හමුදාවක් මධ්‍යයේ සිට වුවත් පහරදීමේ
හැකියාව බ‍්‍රහ්මස්ත‍්‍රය අත දරන්නාට හිමිවෙයි.
මෙම ආයුධ සතරේම පවතින පොදු සමාන තත්ත්වය වන්නේ එය දරන්නාගේ
මානසික ශක්තිය අනුව ප‍්‍රබලත්වයට පත්වීමයි. මෙහිදී චන්ද්‍රහාස් කඩුව, දුන්න
මෙන්ම, මෙත්තස්ත‍්‍රය යන තුනම මහා රාවණ රජු සතුව පැවති අතර, ඒවා මේඝ
කුමරුට හිමි වූයේ නම් තුන්ලොව පමණක් නොව, සදෙව්ලෝක සහ භූලෝක
සතම ඔහුගේ පාලනයට නතුවීම කිසිවකුට නතර කිරීමට නොහැකි වනු ඇත.
එයට බලපෑ අනෙක් කාරණය වනුයේ මේඝ බොහෝ විට නීලකණ්ඨ දේවතාවියගේ
ශක්තිය උපයෝගීකර ගනිමින් ක‍්‍රියා කිරීමයි.
නීලකණ්ඨ දේවතාවිය යනු පාර්වතී දේවියගේ කාලි ශක්තියයි. කෙසේ
වෙතත් නීලකණ්ඨ දේවතාවියගෙන් ලද රහස් අවි කිහිපයක් මේඝ සතුව පැවතුණි.
ඉන්ද්‍රජිත්ගේ අධි ශක්තියට එම ආයුධ හේතු විය.
මෙම රාවණ පරපුරේ බලගතු ආයුධ එම පරපුරෙන් පසු කිසිවකුට උරුමවූයේ
නැත. එයට හේතු වනුයේ එම ආයුධ භාවිත කරන්නට තරම් අධිමානසික ශක්තීන්
සහිත රජවරු හෙළ පොළොවේ බිහිනොවීම විය යුතුය.
අනෙක් කාරණය වනුයේ රාවණ පරපුරේ අතිප‍්‍රබල දුන්න දුම්බර කඳුවැටියේ නිදන්
කොට ඇති බවට මතයක් පැවතීමයි. රිවස්ටන් හා දුම්බර කඳුවැටිය ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක
වන පිටසක්වළ යානාවල ගවේෂණ කටයුතුවලට හේතුවී ඇත්තේද මෙම බලගතු දුන්න විය
හැකිය. මක්නිසාද යත් එය දරන්නාගේ ශක්තිය මත විශ්වයම ඔහු සතුවන නිසාය.
(ග‍්‍රැෆික් නිර්මාණය පුලස්ති පෙරේරාගෙනි.*
වෛදික ජ්‍යොතිෂවෙදි
කාංචන ගීත මනමේන්ද්‍ර

Saturday, March 15, 2014

මෙසේ දැනට වසර 7500කට පමණ පෙර රාවණ යුගයේ ලොව ඉතාම උසස් ශිෂ්ටාචාරයක් ගොඩනැගු ලංකාවේ යක්ෂ ගෝත‍්‍රික හෙළයින් ඉන් නොනැවතී ලොව පුරා දස දෙස විවිධ රටවල සංචාරය කරමින් ඔවුන්ගේ විද්‍යාව හා තාක්ෂණය බෙදා දෙමින් රටවල් සොයා ගනිමින් ලොවට විශාල සේවයක් කර ඇති බව පුරාණ ග‍්‍රන්ථයන්ගෙන් ද, පර්යේෂවලින්ද සනාථ වී ඇත. මින් හෙළිවන කරුණු අනුව ලෝකයේ මුලින්ම රටවල් සොයා ගැනීමේ ගෞරවය හිමි විය යුත්තේද බටහිර ජාතීන්ට නොව මෙම යක් හෙළ පරපුරටය.

එවැනි විදෙස් නිමැවුම් අතර, සිංගප්පූරුවේ කර්මාන්ත සඳහා උපදෙස් සහ සහාය ලබා ගැනීමට ලාංකීය ඉංජිනේරු යක්ෂයින් 5 දෙනෙක් ඉල්ලා ඇත. ඒ ගැන එරට ඉතිහාසයේ පවා සඳහන් වී ඇති බව 2011.11.14 වැනි දින දොරමඩලාව වැඩ සටහනේදී හෙළි විය. රාවණ රජතුමාගේ ඥාති දනුබ් කුමරු ‘‘රමණීය’’ (රොමානියා) රට ජනාවාස කර, එරට ‘‘දනුබ්’’ (ඩැනියුබ්) ගඟ හරහා අමුණු බැඳ ඇත. මේ ගැන ස්කන්ධ පුරාණයෙහි සඳහන් වේ. මෙරට වාරිමාර්ග පද්ධති පිළිබඳ හෙන්රි පාකර් මහතා සිය කෘතියෙහි සඳහන් කිරීමේදී ඉන්දියාවේ කාශ්මීරයේ රජු කි‍්‍ර.ව 8 වැනි සියවසේදී ලංකාවේ වාරි ඉංජිනේරුවන්ගේ සහාය ලත් බවත්, අපේ ශිල්පීන් එහි ගිය බවත් සඳහන් කර ඇත. බැබිලෝනියා ශිෂ්ටාචාරය ගොඩ නැගීමට උපදෙස් දී ඇත්තේ ගුවන් යානාවලින් පැමිණි සිංහ මිනිසුන් බැව් කියවෙන මැටි පුවරු 1996 අපේ‍්‍රල් මස එහිදී සොයාගෙන ඇත. සිංහ මිනිසුන් එය ගොඩනැගූ ආකාරය ‘‘ඉතිහාසය චැනලය’’ නමැති ඇමෙරික් රූපවාහිනිය විසින් 1998 මැයි මාසයේ විකාශනය කර ඇත. මේ අනුව ලොව පළමු ගුවන් යානයක් නිපදවීමේ හා ගුවනින් යාමේ ගෞරවයද හිමි විය යුත්තේ මෙම යක් හෙළයන්ටය. බැබිලෝනියාවේ පුදුම හතෙන් එකක් වන ‘‘එල්ලෙන උයන් වතු’’ අපේ රටේ සීගිරි මුදුනේ කෘත‍්‍රිම උයන් සෑදු උයන් බවත් හෙළි වේ. කුවේර ඇතුළු යක් හෙළයන් ඇමෙරිකාවේ ඉන්කා ශිෂ්ටාචාරය ගොඩ නගා ඇත. මේ බව ග‍්‍රීක ඉතිහාස ග‍්‍රන්ථවලද සඳහන් වේ. එම රටේ ඇති බහිරව රූපවලින් හා මාදුරු ඔයට සමාන ලාහුගල හැඩයේ තිබී හමුවූ ගල් අමුණට සමාන අමුණක් මේ ශිෂ්ටාචාරයෙන් හමුවීමෙන් ඒ බව සනාථ වේ. ඇමෙරිකාවේ දෙවියන් ලෙස සැලකුම් ලබන විරෝචන ද ලංකාවේ යක්ෂ ගෝත‍්‍රික හෙළයකි.

මෙම යක් හෙළ පරපුර විජය පරම්පරාවේ අය නොවේ. විජය පැමිණීමට පෙර මෙහි සිටි මහා සම්මත පරම්පරාවෙන් එන ලෝකයේ මුල්ම මිනිසුන්ය. ඇලෙක්සෙන්ඩර් කියන පඬිවරයා මේ බව සඳහන් කර ඇත. ලොව පුරා මානවයා ව්‍යාප්ත වූයේ මැඩගස්කරයෙන් බව එක්තරා ලිපියක සඳහන් වේ. මහා පඬිරුවනක් වූ අරිසෙන් අහුබුදු තුමාද මේ බව සනාථ කර ඇත. ”විශ්ව බ‍්‍රාහ්මණ වංශ විනිශචය’’ කෘතිය පවසන්නේ මෙම පරපුරේ මව්බිම කාශ්මීර ප‍්‍රදේශය හා ඒ අවට බවයි. පසුව ඔවුන් ලොව සෑම පළාතකම විසිර ගොස් ස්ථිර නිවාස ඇති කරගත් බැවින් විවිධ භාෂා, වර්ණ ඇති වූ බවයි. මේ පරපුරට විශ්ව බ‍්‍රාහ්මණ යන නම ව්‍යවහාර විය. කාශ්මීර රට බ‍්‍රහ්ම වර්ත යනුවෙන්ද ව්‍යවහාර කරන අතර, පුරාණ බ‍්‍රාහ්මණයන් පමණක් මෙහි විසූහ. රාවණ රජතුමා කාශ්මීරයේ යක් පරපුර දැනුවත් කළ බව අරිසෙන් අහුබුදු තුමා විසින්ද ‘‘විජයාවතරණ සමයේදී මේ රට කළේ මහා කාලසේනය’’ යනුවෙන් ශ්‍රී ලංකා ශිෂ්‍යොපකාර සමිතියේ 2006 ඔක්තෝබර් මස 01 දින පවත්වන ලද සංවත්සර උත්සවයේ කරන ලද දේශනයේදී හෙළි කරන ලදී. මැඩගස්කරය, කාශ්මීරය, ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙන්වීමට පෙර ලංකාවට අයත්ව තිබූ ප‍්‍රදේශ වේ. ප‍්‍රථම ආර්ය පවුල ජනිත වුනේ ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාවෙන් වියු යුතු බවට ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාද පවසයි. රාවණ පරපුර ලංකාවේ පමණක් නොව මුළු මහා භාරතයේද පැතිර ඇති බවට හේතු සාධක මූලාශ‍්‍ර අපමණ ඇත. මෙම පරපුරේ නම්වලට සමාන ගෝත‍්‍ර නම් ලංකාවේ, මහා භාරතයේ, ගී‍්‍රසියේද ඇත. රවුළුගේ, හේවා රවුළුගේ, රවුළු හේවාගේ, රාවණගේ ආදී නම්, වාසගම් දකුණු පළාතේ මාතර දිස්ත‍්‍රික්කයේද දැකිය හැකිය.

‘‘යක් හෙළ ශිල්පීන්ගේ
පෙළපත් නම් ආදිය අනුවද,
ඉන්දියාවෙන් පැමිණි පමණින්ද,
දැන හෝ නොදැන වගකීමෙන් තොරව
ඔවුන් ද්‍රවිඩ සම්භවයක් ඇති
අයවලූන් ලෙස හංවඩු ගැසීමත්,
එසේ ලේඛණ ගත කිරීමත්
වැරදි සහගතය’’

එපමණක් නොව මෑත භාගයේදීද එනම් 1934 දී ශ්‍රී ලංකාව පාලනය කළ බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීමක් මත දියමන්තියේ බි‍්‍රතාන්‍ය ලාංඡුනය කොටා කළ හපන්කම එවකට ලොව පාලනය කළ වික්ටෝරියා මහ රැජිනගේ විමතියට පවා ලක් විය. එවැනි ශිල්පීය ඥානය බි‍්‍රතාන්‍ය රජයේ ස්වර්ණාභරණකරුවන්ට ලන්ඩනයේදී පේ‍්‍රක්ෂණය කිරීමට රජ අණ විය. ඒ අනුව ඉහත හපන්කම කළ යක් ශෙල පරපුරේ විමලසුරේන්ද්‍ර හා අතුරලිය යන දෙදෙනා ඒ සඳහා එහි යන ලදී. තාක්ෂණය පේ‍්‍රක්ෂණයට ගියේ කැමැත්තෙන් නොවේ. රජ අණ නිසා විය හැක. ඉන්දියානුවන් 40 දෙනෙකුට හා ලංකාවේ මේ දෙදෙනාට රැුජින බැහැ දැකීමට අවස්ථාව ලැබුණි. රැුජින ඉදිරියේ එම ඉන්දියානුවන් බිම දිගා වී වැඳ වැටී යද්දී මේ අභීත තාක්ෂණිකයන් දෙදෙනා වැඳවැටුනේ නැත. තාක්ෂණය දත් අය බිම වැටෙන්නට වුවමනා නැති බව ලොවට කියා දෙමින් ඔවුන් හිටගෙනම රැුජිනට ගෙන ගිය යතුරක් කැරකැවීමෙන් විසිරී යන හා කොපුව තුළට නැවත එන ආකාරයේ ඇත්දත්වලින් නිම වූ පොල් මලක් හා මිනිරන් කපුටෙක් තෑගි කළේය. මේ දෙදෙනාගේ තාක්ෂණයේ ප්‍රෞඩත්වය වික්ටෝරියා රැජිනගේ දින පොතේ පවා අපූරුවට සඳහන් කර ඇතිවා පමණක් නොව ඒ අනුව මේ දෙදෙනා වෙනුවෙන් භෝජන සංග‍්‍රහයක් පවා පවත්වා ඇත. තවද ඔවුන්ගේ පරම්පරා හතකට රැුජිනගේ ඕනෑම බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට අයත් රටකින් රැුකියාවක් ලබා ගැනීමට එම වකවානුවේ තිබූ උසස්ම වරමක් දීමෙනුත් ඔවුන්ට බුහුමන් දක්වා ඇත. එමෙන් තවත් අපේ විද්වතෙක් බි‍්‍රතාන්‍යයේදී දුම්රිය සර්වෝරෝධක ක‍්‍රමය සොයා දී ඇත. එයට ගෞරවයක් වශයෙන් අදද භාවිත කරන දුම්රිය බ්‍රේක් පළුවලට ‘‘ක්ලේටන් දේවේන්ද්‍ර සදර්වෝ සිස්ටම්’’ යනුවෙන් හඳුන්වනු ලබයි. මේ එවැනි අපේ ශිල්පීන් මෑත භාගයේදීද ජාතියට ආඩම්බරයක්, ගෞරවයක් ලබා දෙමින් රජ අනින් බි‍්‍රතාන්‍යයට ගොස් ඞී.ජේ. විමලසුරේන්ද්‍ර තුමා මෙන් සුද්දන්ට පාඩම් ඉගැන්වූ හැටි මෙහිදී නොකියාම බැරිය.

මේ අනුව එදා ලංකාවේ විසූ සමෘද්ධිමත් යක්ෂ ගෝත‍්‍රික හෙලයන් සමස්ත ලෝකයේමද ශිෂ්ටාචාරය ඇති කිරීමට කටයුතු කර ඇති බව මැනවින් පැහැදිලි වේ. එවැනි අපි ලෝකයේ පළමු ශිෂ්ට සම්පන්න ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය කොටසක් බව අපේ අනාගත පරපුරට දෙපයින් සිටගෙන ලෝකයා හමුවේ ආඩම්බරයෙන් කියා පෑමට හැකිවීම ගැන මුළු මහත් ජාතියම රාවණ රජතුමා ඇතුළු එම පරපුරට සදා ණය ගැතිය.

රාවණ රජතුමාට රටවල් 10ක් අයත්ව තිබී ඇත. එම නිසා දශ ශීර්ෂ යනුවෙන්ද හඳුන්වනු ලබයි. ඉන්දියාවේ දණ්ඩකාරාණ්‍ය යද එතුමාට අයත්ව තිබී ඇත. එහි ශාක පමණක් බුදින යක් හෙළ ජනතාවක් විසූ බව මහාවංශයට පෙර රචිත රාමායනය පැවසීමෙන්ද, මුහුදු ගැලීමෙන් ලංකාව ඉන්දියාව වෙන්වන අවස්ථාවේ මෙම දණ්ඩකාරණ්‍යයෙහි අගනුවර වන දනස්ථානය (දනව්ව) ද ගිලී යන ලදී. එය 2002 දී මුහුදු පත්ලේ තිබී සොයා ගැනීමෙන්ද ඒ බව තවදුරටත් සනාථ වේ. ඉන් රාවණ රජතුමාගේ කාලය අවුරුදු දසදහසක් පැරණි බවටද ඔප්පුවේ. මේ අනුව ආර්යයන් ඉන්දියාවට පැමිණ ඇත්තේ ක‍්‍රි.පු. 1500 බව කියන මැක්සි මුලර්ගේ ආර්ය න්‍යායද පුස්සක් බවට පත්වනු ඇත. රාවණ රජතුමාගේ කාලයත්, බලන්ගොඩ මානවයාගේ හා ඒ එම මානවයා සොයා ගත් කලාපයේ අදටත් මතුවන ඓතිහාසික සාක්ෂිවල කාල නිර්ණයන් ගත් විට ලොව ප‍්‍රථම ආර්ය පවුල ජනිත වුනේ ලංකාවෙන් බවට එකඟ විය හැක. රාවණ රජතුමාට ඉන්දියාවේ අයත්ව තිබූ මෙවැනි බොහෝ ප‍්‍රදේශවලත්, යටත් රටවලත් මෙම යක් හෙළයෝ සිටි බවට මෙවැනි තොරතුරු තවත් බොහෝ වෙති. රාවණ යුගයේ අවසන් භාගයේදී මුහුදු ගැලීමෙන් මේ අයත් සමඟ ඉන්දියාව ලංකාව වෙන් විය.

තවද විදෙස් රටවලට මෙම යක් හෙළ ශිල්පීන් බලහත්කාරයෙන් පවා ගෙන ගොස් ඇති අතර, ඉන්දියාවේ අදටත් එවැනි අය සිටින බව දැන ගන්නට ඇත. මෙම අය මෙන්ම අනෙක් රටවල සංවර්ධන කටයුතුවලට ගිය අය කාලයක් එහි පදිංචිව සිටීමේදී එම දිවයින්වලින් භාෂාවන් හා පෙළපත් නම්වලට නම් එකතුවීමක්ද දක්නට ලැබේ. ඉන්දියාව ළඟම පිහිටි රට බවට පත් වූ නිසා විශේෂයෙන් එම අය වරින් වර ආපසු මෙහි පැමිණි බවත්, රජවරුන් විසින් ගෙන්වා ගත් බවත්, වංශ කථාවල සඳහන් වේ. මහින්දාගමනයත් සමඟ පැමිණි කුල 18කට අයත් බව කියන අයවලූන් ශුද්‍ර ගණයට අයත් වන බව පැහැදිලිවේ. ශුද්‍ර යනු උසස් කියන වංශයට අයත් නොවන කුල හීනයන් වේ. මෙම යක් හෙළයන් එම කුල හීනයන්ට අයත් නොවන නිසා යක් හෙළයන් ඒ සමඟ පැමිණි කුලයක් බවට ගණනය කළ නොහැක.

පසු කාලීනව අප රටේ සිටි රජවරු මෙන්ම ද්‍රවිඩ සම්භවයක් ඇතිව සිටි රජවරු විසින්ද මෙම යක් හෙළ ශිල්පීන්ට ගෞරවයක් වශයෙන් රාවණ යුගයේ නාමයන්, නාරායන, දේවේන්ද්‍ර, සුරේන්ද්‍ර (දෙවියන්ගෙත් දෙවියන්) ආදී දෙවියන්ට අයත් හා පරාක‍්‍රම, වීර පරාක‍්‍රම ආදී රජවරුන්ගේ නාමයන්ගෙන්ද පුදනු ලැබු බවක් පෙනේ. මෑත භාගයේ සිටි හැමෝම නොව සුදු නිලධාරීන් කීපදෙනෙක්ද මෙම ශිල්පීන්ට ගෞරවයක් වශයෙන් ඩයස්, සිංඤ්ඤෝ, කොස්තා, සිල්වා, සම්පායෝ, මොරායස්, දොන්, පෙරේරා, බර්තොලමියුස්, රබෙල් වැනි ඔවුන්ගේ නාමයන් පවා භාවිතා කර ඇති බවක්ද දක්නට ඇත. පෙර සඳහන් කළ පරිදි නැවත ඉන්දියාවේ සිට මෙහි පැමිණි ශිල්පියෙකු ගොඩ බට බවට ඇසූ එකල කෝට්ටේ රජකළ බුවනෙකබාහු (Vස) රජතුමා විසින් ඔහු ඇතු පිටින් රජ වාසලට ගෙනවුත් ගෞරව කර මංගල ගම පවරා මණ්ඩල වල්ලි නයිදේ නම් ගරු නාමයද ප‍්‍රදානය කළ බව ‘‘මධ්‍යකාලීන සිංහල කලා’’ ග‍්‍රන්ථයේම සඳහන් වේ.

මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක්‌ වන වරිග පූර්ණිකා නම් යක්‌ෂ ජන සමූහයාට අයත් පුස්‌කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යකා” වේ.

රාවණා යුගයෙන් පසුව එතුමාගේ රවිශෛලාශ හෙවත් ඉරුගල් බණ්‌ඩාර යක්‌ෂ පරපුර ඉන්ද්‍රජිත් (මේඝනාද) ලෙස ප්‍රචලිත ශ්‍රී රාවණ රජු හා මදෝරා (මන්දෝතාරා) දේවියගේ දෙටු පුත්‍රයාගෙන් පැවත එමින් අද දක්‌වා ලංකා පොළොව මත ජීවත් වෙයි. රාවණා සම්බන්ධ පුවත වළලා දමා හෙළ ජනසම්භවය මැකීමේ මහා කුමන්ත්‍රණයට බ්‍රිතානීන් ද සම්මාදම් වෙමින් ලංකා ඉතිහාසයෙන් රාවණා යුගය ඉවත් කර ඇත. ඉන්දියාවේ කාලිංග වංශික විජය මෙරට ආදිතම රජු ලෙස දක්‌වන අලුත් ඉතිහාසයක්‌ ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය ඔස්‌සේ ලංකාවේ අපට බලෙන් ඒත්තු ගන්වා තිබේ. නමුත් බෞද්ධයකු නොවන විජය හෙළ ජන සමාජය සමූල ඝාතනයට උත්සාහ කළ ප්‍රබල ආක්‍රමණිකයකු බව අපට නොවැටහීම අභාග්‍යයකි. රාම, විජය, එළාර, කාලිංග මාඝ, බ්‍රව්නින් මෙන්ම ප්‍රභාකරන් ද මෙරට ජන සම්භවය විනාශ කිරීමට උත්සාහ කළ ආක්‍රමණිකයන් ලෙස සැලකීම වටී. ඊට එරෙහිව නැගී සිටි ලොව පැරැණිතම ඉතිහාසයක්‌ ඇති රාවණා පරපුර කිසි කලෙකත් නොනැසිය හැකි බලවේගයක්‌ බව වර්තමානයේදී පවා පැහැදිලි වේ.

මහා රාවණ ඉතිහාසයේ එන පුලතිසිපුරය හෙවත් දෙමළ බසින් පුලත්නරු නම් වන පුලතිසි සෘෂිවරයාගේ නගරය මෙරට ස්‌වර්ණමය යුගයකට උරුමකම් කියන භූමියකි. එහි ඇති පුලතිසි ප්‍රතිමාව ලංකා ඉතිහාසයේ අනාදිමත් කාලයක්‌ නිරූපණය කරන ප්‍රබල පුරාවිද්‍යා සාධකයකි. කිසිදු රාජ්‍ය ආභරණයක්‌ නොපළඳින උතුම් යෝගිවරයකු ගේ ස්‌වරූපය පිළිබිඹු වන මෙම ප්‍රතිමාව පරාක්‍රමබාහු රජුගේ යෑයි පැවසීම ලක්‌ වැසියන් මුළා කිරීමක්‌ වන අතර එම නගරය පොළොන්නරුව යනුවෙන් ව්‍යවහාරයට හුරු කිරීම මෙරට ඉතිහාසය වසන් කිරීමේ තවත් වෑයමකි. වර්තමාන පරාක්‍රම සමුද්‍රය පිහිටි භූමිය අතීතයේ පුලතිසි සෘෂිවරයාගේ තපෝවනය වේ. පරාක්‍රමබාහු මහා අධිරාජ්‍යයා පවා මෙම ප්‍රතිමාවට පුද සත්කාර කළ රාජ්‍ය පාලකයෙකි. වර්තමාන පොත්ගුල් විහාරය අතීතයේ මෙරට බෞද්ධ, වෛද්‍ය ග්‍රන්ථ හා යන්ත්‍ර මන්ත්‍ර රැස්‌ කළ ප්‍රධාන පුස්‌තකාලයව පැවැති අතර කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් මෙහි පැවැති රාවණ යුගයට අයත් ශ්‍රී රාවණ, පුලතිසි මහා සෘෂිවරුන්ගේ අත් අකුරු සහිත ග්‍රන්ථ කොටස්‌ පවා විනාශයට පත්විය.

මීළඟ පුරාවිද්‍යා සාධක හමුවන්නේ වර්තමාන අනුරාධපුර නගරයෙනි. එය ලංකාවේ ප්‍රබල පාලකයකුව සිටි වෙසමුණි (විශ්‍රාවාස මුණි) හෙවත් ඉසුරුමත් මුණිවරයාගේ ඉපැරැණි රාජධානිය පැවති ලොව පැරැණිතම ශිෂ්ටාචාර භූමියකි. වෙසමුණි, පුලතිසි මහා සෘෂිවරයාගේ පුත්‍රයා වන අතර එතුමා මහා රාවණ විභිෂ්බද්‍ර (විභීෂණ) දසරෝලාන මන්ඨක (කුඹුක්‌කන්) යන ප්‍රබල යක්‌ රජුන්ගේ පියාය. “මිල කළ නොහැකි” යන අරුත ඇති වර්තමාන රන් මසු උයන මත පිහිටා ඇති විශ්ව දොරටු සංකේතය. තරු දොරටු සංකල්පයේ මූලාරම්භය වේ.

මෙම සංකේත වර්තමාන පුරාවිද්‍යාඥයනට හඳුනාගත නොහැක්‌කේ හා අදහස්‌ ප්‍රකාශ කළ නොහැක්‌කේ ඔවුන් තුළ ඉතිහාසය පිළිබඳව ඇති ව්‍යාකූලත්වය හා රාවණ ඉතිහාසය නොතැකීමේ ආකල්පයයි.

ඉසුරුමුණි විහාරයද අතීතයේ යක්‌ෂ ජන සමාජයේ ප්‍රභාමත් ආගමික පූජා භූමියකි. ඉසුරුමුණි පෙම් යුවළ යනු මහා වෙසමුණි රජු හා කෛකාසි දේවියගේ රුව නෙළමින් ලොව ප්‍රථම මවුපිය දේවාලය ඉදි කළ මහා රාවණ අධිරාජ්‍යයාගේ නිර්මාණයක්‌ වේ. තවද පුරා විද්‍යාවෙන් නිසි අර්ථ නිරූපණයක්‌ කර නොමැති ඉසුරුමුණියේ මිනිසා හා අශ්ව හිස රූපය වෙසමුණි රජුගේ නිර්භය නිදහස්‌ චින්තනය නිරූපණය කරයි. වෙස්‌සගිරි ප්‍රදේශයද එම ඉපැරැණි යුගයේම නශ්ඨාවශේෂයකි. පසුකාලීන රජවරු මෙම ඉදිකිරීම් මත යම් යම් ප්‍රතිසංස්‌කරණ හා අලුත් ගොඩනැඟිලි කර ඇතත් ස්‌වභාව ධර්මයට ගරු කළ යක්‌ෂ ජනතාව පරිසර හිතකාමී නගර  නිර්මාණකරුවන්ගේ ආරම්භයන් බව එම ප්‍රදේශ සාක්‍ෂි දරයි.

වර්තමාන නාලන්දා ගෙඩිගෙය නොහොත් අතීතයේ ලෝකයේ මධ්‍ය රේඛාව පිහිටි තැන ලෙස සැලකෙන මාතලේ (මහාපොළොතලේ) සූර්ය දේවාලය ලංකාවේ යක්‌ෂ ජනතාව තුළ තිබූ පිටසක්‌වල ජීවය පිළිබඳ විශ්වාස ඉස්‌මතු කරන මිල කළ නොහැකි වටිනා වස්‌තුවකි. එයද කිසිවකුගේ අවධානයට ලක්‌ නොවී විනාශයට යමින් පවතී. එහි තිබෙන සමහර අංග කෞතුකාගාරය වෙත පවරා ගැනීම කාලීන අවශ්‍යතාවකි. මහා රාවණ අධිරාජ්‍යයාගේ පුත් ඉන්ද්‍රජිත් හෙවත් ඉරුගල් බණ්‌ඩාර පිටසක්‌වල ජීවීන් සමග සම්බන්ධතා ගොඩනගා ගන්නට උනන්දු වූ මහා පඬිවරයෙකි. එතුමාගේ ගුප්ත විද්‍යා පර්යේෂණ සඳහා ශබ්ද තරංග යොදාගත් අතර වරිග පූර්ණිකාවට අනුව මෙම ක්‍රමවේදය “සෙප්පඩමජ වි-ජා” ලෙස හඳුන්වයි. එහෙත් වර්තමාන ව්‍යාවහාරයේ එය ගර්හිත යෙදුමක්‌ ලෙස භාවිතයට පුරුදු කිරීමෙන් එහි වැදගත්කම යට ගසා ඇත.

ලෝකයට “මමී” හෙවත් නරක්‌ නොවන සේ සිරුරු පවත්වා ගැනීමේ විද්‍යාව දායාද කළේ රාවණ අධිරාජ්‍යයා විසින් ප්‍රගුණ කරනු ලැබූ ආයුවේදය හෙවත් ආයුෂ වර්ධන විද්‍යාවයි. රාවණ ඉතිහාසායේ ඉපැරැණි මූලාශ්‍ර ග්‍රන්ථයක්‌ වන්නේ සිව රජුගේ අහස්‌තල බෙදීම හා හෝරාශාස්‌ත්‍රයයි. ඒ අනුව තාරකා විද්‍යාවේ ආරම්භයද ඉපැරැණි හෙළයන්ගේය. ඔවුහුද ශ්‍රී රාවණාට ප්‍රථම මෙරට සිටි මහා සිව රජුගේ පරපුරේ ආදිතමයෝය. එබැවින් මෙරට රාජවංශයේද නොයෙක්‌ රජුන් සිව යන්න පෙළපත් නමක්‌ ලෙස භාවිත කළහ. (උදා:- මුටසිව, මහාසිව) සිව රජුද ආදි හෙළයෙකි. එබැවින් රාවණ රජු සිවස්‌තෝත්‍රය රචනා කළ අතර එය අද දක්‌වා හින්දූන් හා ඉන්දියානු දෙමළ ජනයා සිව දෙවි වන්දනාවට යොදාගනිති. එසේම පුරාණයේ ලක්‌ ජනතාව අතර ප්‍රචලිතව පැවැති රාවණ මන්ත්‍රයක්‌ මෙසේය.

“ඕම් රාවණ සිද්ධම් සිද්ධම් බල වරම්”
“ඕම් සරවණ භව සිද්ධම් සිද්ධි බල වරම්”

ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ බලය හා ශක්‌තියට ප්‍රතිවිරුද්ධ බලවේග අතීතයේ සිට මේ දක්‌වාම ක්‍රියාත්මක වී පවතී. අභිචාරවත් නිට්‌ටෑවන් නම් සත්ත්ව විශේෂය ප්‍රමුඛ කර වානරයන් වෙනුවෙන් යම් යම් ඉදිකිරීම් කරමින් මෙරට රාම වාදයක්‌ ව්‍යාප්ත කිරීමේ අදහසින් අතීතයේ සිට වර්තමානය දක්‌වා යක්‌ෂ සංහාරයට උත්සාහ දැරූ විදේශික බලවේග රැසකි. පණ්‌ඩුකාභය, ගාමිණි අභය, විජයබාහු, පරාක්‍රමබාහු, වලගම්බා වැනි ප්‍රබල මහාකාල යක්‌ පරපුරේ හෙළ නරදෙටුවන් හනුමා බලවේගය ඒ ඒ යුගවලදී ලක්‌ පොළොවෙන් තුරන් කළ අතර කිසි කලෙකත් වානර ගෝත්‍රයෙන් පැවත එන ආක්‍රමණිකයන්ට මෙරට විජයග්‍රහණයක්‌ අත් නොවීය. ඔවුන් සුළු කලකට පමණක්‌ මෙරට ආක්‍රමණය කළ ද රාමායනයේම සඳහන් ආකාරයට ඉරුගල් බණ්‌ඩාර හෙවත් රාවණ පුත් මේඝනාද පරපුර ඔවුන් සමූල ඝාතනය කළහ. ඉන්දියානු වීර කාව්‍යයක්‌ වූ වාල්මිකී නම් කතුවරයකු විසින් රචනා කරන ලද රාමායනය රාම ලක්‍ෂමණ හනුමාන් ප්‍රමුඛ වානර හමුදාව ලැබූ පරාජය වසාගැනීමට කළ වෑයමකි. එහි කර්තෘ විටෙක රාවන චරිතය ශ්‍රේෂ්ඨයකු කර විටෙක දුෂ්ටයකු බව ඇඟවීමට උත්සාහ කළ අන්දම රාමායනය තුළින්ම පැහැදිලියි. නමුත් රාමායනයට හා මහාවංශයට වඩා පැරැණි යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර වන කාලම් අග්නිසන්දය, මූණමුරකෞරවය, වෙශමුණි දරණිවත, ගෝරාපාසලම, රක්‌ඛානි ගර්ජය, කුම්භණී මූලාශ්‍රථය, අසුර අත්විසය හා පංචරක්‌ඛාවලිය යන පුස්‌කොල පොත් ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ පුත්‍ර මේඝ නාද (ඉරුගල් බණ්‌ඩාර) සමස්‌ත ඉන්දියානු ආක්‍රමණිකයන් පරාජයට පත් කළ බව තහවුරු කරයි.

තම සොයුරු විභීෂණයන් හා ඇතිවූ අභ්‍යන්තරික යක්‌ෂ නාග යුද්ධය හා බිහිසුණු ස්‌වභාවික විපත් රාවණ යුගය මහා සාගරයට යටකර දැමීමට හේතු විය. මෙම දේශපාලන අර්බුදය ගෞතම බුදුරජාණන් වහන්සේගේ පහළවීම දක්‌වා ලංකාවේ පැවැති අතර බුදුන් වහන්සේගේ ලංකා ගමනයේදී මෙරට කඳුකර ප්‍රදේශ (ගිරිප) යක්‌ෂ ජනයාට පවරා සෙසු ප්‍රදේශ නාග ජනයාට පවරා දී ඇත. මේ නිසා ලංකාවේ සමස්‌ත ජනසමාජයම බුදුන් වහන්සේගේ නාමයට ලංකා රාජ්‍ය පූජා කර ඇත. ඒ බව “යකා බුදු වදනට පමණක්‌ අවනත” බව පැවසෙන ගැමි කියමනෙන් පිළිබිඹු වේ. බුදුන්ගේ ලංකාගමනය පවා සැකයට භාජන කිරීමට පුරාවිද්‍යාඥ බෙල් ප්‍රමුඛ ගෝල පිරිස බලවත් උත්සාහයක යෙදී ඇති බව මෙහිදී සිහිපත් කළ යුතුවේ.

වර්තමාන රාගල (රාවණගල) රාවණා යුගයත් අයත් පැරැණි නටබුන් පවතින තවත් ප්‍රදේශයකි. එහි ඇති රාවණ පබ්බත විහාරය හා එම ප්‍රදේශය වර්තමානයේ නිදන් සොරුන් අතින් සීග්‍රයෙන් විනාශ වෙමින් පවතී. රාවණගල ප්‍රදේශ සැලකිය යුතු වන්නේ හෙළයන්ගේ නිජභූමිය සේය. සිවුහෙළයන්ගේ රාජ්‍ය ලාංඡනය වූ සිංහයා සංකේතය මහා රාවණා අධිරාජ්‍යයාගේ රාජකීය සංකේතය විය. ඈත යුගයේ විසූ කේසර නම් සිංහ විශේෂය එයට පදනම් වී ඇත. කේසර යනු සූර්ය රශ්මිය හා ශක්‌තිය නිරුපණය කරන ප්‍රබල ගුප්ත විද්‍යාත්මක සංකේතයකි. සිංහ ලාංඡනයේ නිර්මාතෘද ශ්‍රී රාවණයෝය. රාවණා රජුගේ රුව ඇතුළත් ධජය රාවණ යුගයෙන් පසු ලංකා ධජය බවට පත්විය. එය ක්‍රමයෙන් ප්‍රාදේශීය කොඩියක්‌ බවට පත්වීම මෙරට රජ පරපුරේ ඇදවැටීමත් සමග සිදු වූවකි. දෙවැනි රාජසිංහ යුගයේ රන්දෙණිවලදී ලන්දේසින් ඓතිහාසික පරාජයකට ලක්‌ කළ කොස්‌මෝ විෙ-සේකර මුදලිතුමාගේ පරපුරේ ධජය එය විය. වර්තමානයේ ඛඔඔE සතුරන් පරාජය කිරීමේදී රාවණ පරපුර ඉදිකළ ශ්‍රී යගු කෞරාණ මන්ඨක දස ශීර්ෂපති ශ්‍රී රාවණ දේවාලයේ ගල් පුවරුවේ කොටා ඇති රාවණ ධජයේ අනුහසද බලපාන්නට ඇත. මෙය කුරුණෑගල රම්බඩගල්ල විද්‍යාසාගර පිරිවෙන් විහාරස්‌ථානයේ ආසියාවේ විශාලතම ශෛලමය බුදුපිළිමය පිහිටන ගල් තලාවේම ස්‌ථාපනය කර තිබේ. රාවණ ධජයට සූර්යාලෝකය වැටීමෙන් ලංකා ආක්‍රමණිකයන්ට ඉමහත් විනාශයක්‌ සිදුවන වෙසමුණි ධජය නම් (වෙසමුණි ධරණිවත) පුස්‌කොල පොතේ සඳහන්ය.

නොනැසී පවතින රාවණ ඉතිහාසය කිසි කලෙකත් විනාශ කළ නොහැක. රාවණ නාමය ලංකා ඉතිහාසයේ මැකිය නොහැකි ලෙස ලියෑවී පවතී. ඉදිරියේදී මායා, ඉංකා මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාර ගැනත් වර්තමාන සෝවියට්‌ සමූහාණ්‌ඩුවට අයත් කල්මිකියාවේ පිහිටි රාබ්ක්‌නැ ජලාශය හා සුමේරියානු ඉතිහාසයත් පිළිබඳ සත්‍ය කරුණු මතුවීමත් සමග රාවණා නාමය තව දුරටත් සඟවා තබනු නොහැකි වේ.

1998 දී ඇමරිකානු පුරාවිද්‍යාඥයන් පිරිසක් බැබිලෝනියාවේ පුරාවිද්‍යා කැනීමක් කරන ලදී. එහිදී සොයාගත් දේ “History Channel” නැමති ඇමරිකානු රූපවාහිනී චැනලයෙන් ලොවපුරා ප්‍රචාරය කරනලදී. සොයාගන්නා ලද පිලිස්සුනු මැටි පුවරු ලේඛන මගින් කියවුනේ බැබිලෝනියානු ශිෂ්ටාචාරය ඔවුන් විසින් ගොඩනගන ලද්දේ ගුවන් මගින් ආ සිංහ මිනිසුන් කියාදුන් පරිදි බවයි. මෙම සිංහ මිනිසුන් හෙලයන් බව නිශ්චය කරගන්නේ ලොව පුදුම හතෙන් එකක් වන බැබිලෝනියාවේ එල්ලෙනෙ උයන් වතු සිංහ මිනිසුන්ගේ රටේ “සිහගිරි” නම් ස්ථානයේ ඇති ආකාරයට නිර්මාණය කරන ලද බව එම මැටි පුවරු වල සඳහන් වීමෙනි. “

“කාශ්මීර රාජාවලියේ වංශකතාව වන “රාජතරංගනිය” පවසන පරිදි මිසරයේ පිරමීඩ සෑදීමට තාක්ෂණික දැනුම සපයන ලද්දේ හෙල අසුරයින්ය.” (රුවන්වැලිසෑය, මිරිසවැටිය හා ජේතවනාරාමය යන චෛත්‍යය තුන හා ඊජිප්තුවේ පිරමීඩ තුනෙහි පිහිටීම ඔරායන් තරු රාශියේ බඳ පටිය ලෙස හඳුන්වන තරු තුනට එල්ලවන පරිදි නිමවා තිබීම මෙයට සාක්ශියකි.)

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙලයන් විසින් බව මීට වසර 10 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.“

වසර 2500 ක ප්‍රෝඩ ඉතිහාසයක් ඇති අප රට ලෝකයේ පැරණි ඉතිහාසයක් ඇති අනිත් රටවලට නොදැවනි ලෙස ඉහලින්ම තැබිය හැක. නමුත් අප සියලු දෙනාම කතා කරන්නෙ විජයාවතරනයෙන් පසු දියුණු වුණු නැතහොත් සංවර්ධනය කරන ලද ඉතිහාසයකි. නමුත් මෙයට විරුද්ධව එයට වඩා පැරණි ඉතිහාසයක් ඇති බවට විශ්වාස කරන අප රටේ විද්වතුන් රාශියක් සිටියි. රාජ් සෝමදේව, කලාශුරි අරිසෙන් අහුබුදු වැනි විද්වතුන් මේ පිලිබඳ බෝහෝ කරුණු සොයා යමින් සිටියි.

ලංකා ඉතිහාසයේ හා ලෝක ඉතිහාසයේ නොවිසදුණු ප්‍රධාන ගැටළු සහගත ඉතිහාස පුවතකි රාවණා කතාව. මේ පිළිබඳව ප්‍රධාන වශයෙන් ගෙනහැර දක්වන්නේ රාමායනය මහා කාව්‍යයේය. එයද එලෙස දක්වා ඇතත් සිංහලයන් සහ ලාංකිකයන් ලෙස අපට එමගින් වැදි ඇති පහර සුලු ප‍ටු නොවෙයි. මක්නිසාදයත් රවණා රජු ස්ත්‍රින් පැහැර ගන්නා රාක්ෂයෙක් ලෙස එමගින් හුවා දක්වා ඇති නිසාය.

අප දැන් බලමු ලංකාවේ එම අවදියේ සිටි මිනිසුන් කවරහුද කියා. ප්‍රධාන වශයෙන් ඔවුන් රාක්ෂ, යක්ෂ, දේව සහ නාග ලෙස ග්‍රෝත්‍ර 4 ක් ලංකාවේ ජිවත්වි ඇත. එමනිසා එකල ලංකාවට සිව් හෙලය යන නමද භාවිතා වි ඇත. රාමායනයට අනුව අප රටේ ජිවත්වි ඇත්තේ රකුසන්, යකුන්, නාගයන් ලෙස දක්වා ඔවුන් සතුන් සහ භුතයන් ලෙස විකෘති කර ඇත. නමුත් වර්තමානයේද පවතින කුල ග්‍රෝත්‍ර භේදය සලකා මෙසේ වර්ග 4 කට බෙදා වෙන්කල බව අපට සිටිය හැක.

උදාහරණයක් ලෙස වර්ථමානයේද 

ජාති වශයෙන් පවතින බෙදිම සලකා බැලිය හැක එනම්. සිංහල, දෙමල, මුස්ලිම් සහ බර්ගර් ලෙසය. එම අවදියෙදි මෙසේ යක්ෂ, රාක්ෂ, දේව සහ නාග ලෙස බෙදා සිටි බව අපට සිතිය නොහැකිද????? මොවුනුත් සාමාන්‍ය මිනිසුන් නොවුනාද?????

මේ ගැන හොඳ පසුබිමක් හදාගන්න අපි දැන් බලමු මෙම රාක්ෂ, යක්ෂ, නාග, හා දේව ග්‍රෝත්‍ර ගැන…….

* රාක්ෂ ග්‍රෝත්‍රය

මොවුන්ගේ ලාංජන වශයෙන් ස්වස්තිකය හා මකරා යොදා ගෙන තිබේ. හිරු දෙවියන් ඇදහු ජනකොටස කළු ගගෙන් උතුරේද, චන්ද්‍ර වංශය ඇදහු ජනකොටස කළු ගගෙන් පහලද ජිවත්වු බවට ඉතිහාසය සාක්ෂි දරයි.

* නාග ග්‍රෝත්‍රය

මොවුන්ගේ ලාංජනය වශයෙන් මාළුවා යොදා ගෙන තිබේ. මොවුන් ප්‍රධාන වශයෙන් නාවික කටයුතු මෙහෙයවු පිරිසක් විය. ලංකාවේදි ප්‍රධාන වශයෙන් නාග ග්‍රොත්‍රිකයන් ගේ ප්‍රදේශයක් වශයෙන් කැලණිය ප්‍රදේශය. අපට සැලකිය හැක. මෙහිදි නාග ග්‍රෝත්‍රයට සම්බන්ධ රජ කෙනෙක් ලෙස ,රාවණා රජු ගේ සහෝදරයෙක් වන මව් පාර්ශවයෙන් නාග ග්‍රෝත්‍රික වන විභිෂණ රජු සැලකිය හැක. මෙසේ නාග ග්‍රෝත්‍රිකයන් ලංකාවේ බටහිරදිග ගොඩනගා තිබු නාග රාජධානිය ක්‍රි.පු 250 දි පමණ ඇතිවු මුහුද ගොඩ ගැලිමකින් විනාශ වී ඇත. මන්නාරම හා තුත්තුකුඩිය අතර පට්‍ටුනාගම් නගර ලක්ශයක්, ධිවර ගම්මාන 970 හා තවත් ගම්මාන 400 ක් විනාශ වී ඇත. ඉතිරි වුයේ ඉන් 1/12 කි.

* යක්ෂ ග්‍රෝත්‍රය

මොවුන්ගේ ලාංජනය වශයෙන් පද්මය හා කෙටේරිය භාවිතා වී ඇත. යක්ෂ ග්‍රෝත්‍රය ලංකා ඉතිහාසයේ ප්‍රධාන තැනක් ගත් ග්‍රෝත්‍රයකි. බොහෝ දුරට සලකන පරිදි යක්ෂ ග්‍රෝත්‍රිකයන්ට මාතෘ මුලික සමාජ ක්‍රමයක් තිබි ඇත. 
හිරු දෙවියන් ඇදහු ජනකොටසක් වේ.  තවද ලංකාවේ නැතහොත් හෙලයේ සිටි ප්‍රබලම යක්ෂ ග්‍රෝත්‍රික රජු ලෙස රාවණා රජු සැලකේ.

* දේව ග්‍රෝත්‍රය

මොවුන්ගේ ලංජනය වශයෙන් පුන්කලස භාවිතා වී ඇත. දේව ග්‍රෝත්‍රිකයන් ප්‍රධාන වශයෙන් ලංකාවේ කදුකර ප්‍රදේශවල ජිවත් වී ඇති බවට සිතිය හැක. මොවුන්ගේ ප්‍රධාන පුද්ගලයකි සුමන සමන් දෙවියන්

Photo: ඔහු විසුවේ සේතව්‍ය නුවරයි. ඡත්ත ඔහුගේ නමයි. පියා විසින් උක්කට්ඨා නුවර පොක්ඛරසාති නම් ගුරුතුමා වෙත ශිල්ප හැදෑරීම පිණිස ඔහු පිටත්කර යවනු ලැබුණා. ඉතා දක්ෂ සිසුවකු වූ ඡත්ත කෙටි කලකදී සියලු ශිල්ප උගෙන ශාස්ත්‍රය නිමා කළා.
” ගුරුතුමනි, මා සියලු ශිල්ප හදාරා අවසානයි. මවුපියන් වෙතට යෑමට සිතමි. ගුරු පඬුරු වශයෙන් කුමන පූජාවක් ඔබ වෙනුවෙන් කළයුතු වේද? “
“ ඡත්ත ගුරු පූජාව ශිෂ්‍ය යාගේ වත්කම අනුව සිදුවිය යුතුයි . “
ඡත්ත මානවකයා ගුරු පඬුරු ගෙන ඒමට තම ගම බලා පිටත් වුණා. පඬුරු පූජාව පියාට දැන්වීමෙන් පසු ඔහුට ඒ සඳහා කහවනු දෙදහසක් ලැබුණා. කහවනු පොදිය රැගෙන ඡත්ත එදාම උක්කට්ඨා නුවරට පිටත් වුණා.
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහකරුණා සමාපත්තියට සම වැදී ලොව දෙස බලන විට ඡත්තට සිදුවන විපත දුටුවා. ඡත්ත තරුණයා තිසරණ සරණෙහි පිහිටියහොත් දෙව්ලොව ඉපදීමට හැකියාව තිබෙන බව දුටු මුනීන්ද්‍රයන් වහන්සේ, ඡත්ත ගමන් කරන අතර මග ගසක් මුල වැඩ සිටියා. භාග්‍යවතුන් වහන්සේ දුටු ඒ තරුණයා ඒ අසලට ගොස් උන්වහන්සේට වන්දනාමාන කළා.
“ ඡත්ත මානවකය, මේ අවේලාවේ ඔබ යන්නේ කොහෙද? “
“ ස්වාමීනි! ගුරු පඬුරු රැගෙන මා උක්කට්ඨා නුවර පොක්කරසාති ගුරුතුමා හමුවීමට යන්නෙමි. “
“ මානවකය ඔබ තිසරණ පන්සිල් දන්නවා ද? “
“ ස්වාමීනි, මම නොදනිමි, එය ඉගෙනීමෙන් මට යම් ප්‍රයෝජනයක් වේද? “
“ ඡත්ත, මා විසින් මේ ධර්මය දේශනා කොට ඇත්තේ මුල, මැද, අග පිරිසුදු ලෙසින්. ඔබ තිසරණ පංචශීලය සමාදන් වන්න. එය ඔබගේ ජීවිතයට මහත්ඵල මහානිසංස වනු ඇත. ඔබ සමාදන් වන මේ ගාථා රත්යන් තුන මතක තබාගෙන එය සිහි කරමින් ගුරුවරයා වෙත යන්න’’යි භාග්‍යවතුන් වහන්සේ වදාළා.

යෝ වදතං පවරෝ මනුජේසු – සක්‍යමුනි භගවා කතකිච්චෝ
පාරගතෝ බල විරිය සමංගි – තං සුගතං සරණත්ථ මුපෙහී

කතාකරන මනුෂ්‍යයන් අතර උත්තම වූ යම් කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ තමයි නිවන් මඟ සම්පූර්ණ කළ ශාක්‍ය මුනින්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ. තමන් වහන්සේගේ ප්‍රඥා බල මහිමයෙන් චතුරංග සමන්වාගත වීර්යයෙන් සංසාරෙන් එතෙරට වැඩියා. අන්න ඒ සුගතයන් වහන්සේ සරණ යන්න.

රාග විරාග මනෙජ මසොකං – ධම්ම මසංඛත මප්පටිකූලං
මධුරමිමං පගුණං සුවිභත්තං – ධම්මමිමං සරණත්ථ මුපෙහි

ශ්‍රී සද්ධර්මයෙන් රාගය දුරුවෙනවා. තෘෂ්ණාව නැති, ශෝක නැති , පිළිකුල් රහිත වූ අසංඛත නිවනයි ඒ ධර්මය. මේ ධර්මය මධුරයි. හොඳින් ප්‍රගුණ වෙනවා. විස්තර විභාග සහිතයි. මේ ධර්මයත් සරණ යන්න.

යත්ථ ච දින්නමහප්ඵල මාහු – චතුසුසු චීසු පුරිසයුගෙසු
අට්ඨ ච පුග්ගල ධම්ම දසාතේ – සංඝමිමං සරණත්ථ මුපෙහි

යම් ආර්ය සඟ පිරිසකට දානය පූජා කළ විට මහත්ඵල ලැබෙනවා කියලා කියනවා නම් එසේ වූ උන්වහන්සේලා පාරිශුද්ධ පුද්ගල යුගල වශයෙන් සතරකින් යුක්තයි. ධර්මයේ පිහිටි උන්වහන්සේලා පුද්ගල වශයෙන් අට දෙනෙක් වෙනවා. මේ ආර්ය සංඝරත්නය ද සරණ යන්න.

ඡත්ත ගාථා තුනේ තේරුම ඉගෙනගෙන ගමන සඳහා පිටත් වූවා. සොරුන් කණ්ඩායමකට ලැබුණු ඔත්තුවක් අනුව ඔවුන් ඡත්ත එන මඟ රැක සිට මහ වනයේ දී විස පෙවූ ඊතලයක් විද ඡත්ත මරා මුදල් රැගෙන පලා ගියා. තිසරණ සරණ සිහි කරමින් ගිය ඡත්ත මිය යනවාත් සමඟ නිදා පිබිදියාක් මෙන් තව්තිසා දෙව්ලොව යොදුන් විස්සක ආලෝකය පතුරවමින් උපත ලැබුවා.
ඡත්තගේ හදිසි අභාවය අසා සියලුම දෙනා එතැනට රැස් වුණා. සියල්ලෝම චිතකයක් සාදා මෘත ශරීරය දවාලන්නට කටයුතු පිළියෙළ කළා.
භාග්‍යවතුන් වහන්සේ ද ඡත්ත ගේ ආදාහන කටයුතු කරන තැනට වැඩියා. ඡත්ත දේවේන්ද්‍රයා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහත් ගෞරවයෙන් මුළුපරිසරයම ඒකාලෝක කරමින් සහපිරිවරින් දේව විමානයත් සමඟ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කිරීමට එහි පැමිණියා.

“ මොහු දෙවියෙක් ද? බ්‍රහ්මයෙක්ද’’? අවට සිටියවුන් කලබල වූවා.
ඡත්ත දේවේන්ද්‍රයා කළ පින්කම් රැස්ව සිටි අයට ප්‍රකට කරවීම සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ විචාරණු ලැබුවා.

“මේ දිව්‍ය විමානය අහසෙහි බබළන හැටි ඉතාම ප්‍රභාෂ්වරයි. මෙබඳු වූ දිව්‍ය ඓශ්චර්යයක් සහිතව දෙව්ලොවින් මෙලොවට පැමිණි ඔබ කවුරු ද’’?
ඒ විමානයෙන් විහිදෙන ආලෝකය හිරු රැස් පවා පරදවනවා. යොදුන් විස්සක විතර දුරට රැස් විහිදෙනවා. දහවල් කාලයේ වගේම රෑටත් රැස් විහිදෙනවා. ඒ විමානය පිරිසුදු යි. නිර්මල යි. සුන්දර යි.
විචිත්‍ර වූ සුදු නෙළුම්, රතු නෙළුම්, ඒ වගේ බොහෝ නෙළුම් තිබෙනවා. නොයෙක් වර්ගයේ මල් පිරිලා තිබෙනවා. නොයෙක් විසිතුරු කැටයම් තිබෙනවා. ඉතාම පිරිසුදු රත්තරනින් හැදුණු දැල් විමානේ වටේට තිබෙනවා. හිරු මඩලක් වගෙයි අහසේ බබළන්නේ.
රතුපාට, කහපාට, දිව්‍ය සළුවලින් සරසලා තිබෙන්නේ. සඳුන් සුවඳින් යුක් තයි. රන්වන් පාටින් බබළන දිව්‍ය අප්සරාවන් පිරුණු මේ විමානය පෙනෙන්නේ තාරුකාවන් පිරිවරා ගත් ගගන තලය වගේ. මෙහි ඉන්න දිව්‍ය ස්ත්‍රි පුරුෂයන් මල්වලින් සැරසිලා. දිව්‍යාභරණයන් සැරසිලා. සතුටු සිතින් ඉන්නේ. ඒ දිව්‍ය ස්ත්‍රි පුරුෂයන් බොහෝ දෙනකු ගේ කේශ කලාපයන් ලස්සනට සරසලයි තිබෙන්නේ. මඳ සුළඟට සෙලවෙන රන්වන් මල්වලින් සුවඳ විහිදෙනවා. “
“ දේවේන්ද්‍රය, මේ පුණ්‍ය විපාකය ලැබුණේ මොන වගේ සංවරකමක්, දමනය වීමක් නි සාද? මෙහි ඔබ උපන්නේ මොන වගේ පුණ්‍ය විපාකයකින් ද? “ භාග්‍යවතුන් වහන්සේ විසින් විචාරනු ලැබුවා.
“ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, එක්තරා මානවකයෙක් මහමඟ යමින් සිටියා. භාග්‍යවතුන් වහන්සේ, ඔහු මුණගැහිලා අනුශාසනා කළා. ඒ මහාර්ඝ රත්නය වන නුඹ වහන්සේ ගේ ධර්මය අසා පිළිපදිනවා කියලා ඒ ඡත්ත මානවක කිව්වා. ස්වාමීනි, පරමෝත්තම වූ ජිනේන්ද්‍රයන් වහන්සේ සරණ යන්න, ධර්මය, භික්ෂු සංඝයා සරණ යන්න කියල වදාළ වෙලාවේ මම පළමුව කිව්වේ ඒ ගැන නොදන්නා බවයි. පස්සේ තමයි නුඹ වහන්සේ ගේ වචනය අහලා තෙරුවන් සරණ ගියේ.
ඒ අපිරිසුදු වූ නානා ප්‍රකාර වූ ප්‍රාණඝාතය කරන්න එපා. ප්‍රාණින් කෙරෙහි සංයමය නැති අය ගැන නුඹ වහන්සේ වර්ණනා කරන්නේ නැහැ කියලා වදාළ වෙලාවේ ස්වාමීනි, මම පළමුව කිව්වේ දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේ ගේ වචනය අහල ඒ විදියට කළේ.
අනුන් විසින් රකිනු ලබන දේවල් තමන්ට දීලා නැත්නම් ඒ නොදුන් දේවල් ගන්න හිතන්න එපා කියලා වදාළ වෙලාවේ මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹවහන්සේගේ වචනය අහල ඒ විදියට කළේ.
අනුන් ආරක්‍ෂා කරන කාන්තාවන් ඉන්නවා. ඔවුන් කරා යන්න එපා. ඒක පහත් දෙයක් කියලා වදාළ වෙලාවේ ස්වාමීනි මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහල ඒ විදියට කළේ.
අසත්‍ය බව දැන දැනත් කියන්න එපා. බොරු කීම නුවණැත්තන් වර්ණනා කරන දෙයක් නොවෙයි කියලා වදාළ වෙලාවේ ස්වාමීනි, මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදියට කළේ.
හොඳ සිහිය නැති වෙන්නේ බීමත්කමින් නම් ඒ සැම මද්‍යසාරයක්ම දුරින්ම දුරු කරන්න කියලා වදාළ වෙලාවේදී ස්වාමීනි, මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලයි. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදියට කළේ.
ස්වාමීනි, මම පන්සිල් රැක ගත්තා. තථාගතයන් වහන්සේ වදාළ ධර්මය පිළිපැද්දා. දෙමංසලකට ආපු වෙලාවේදී මාව සොරුන්ට මැදි වුණා. ඔවුන් වස්තුව ගන්න හිතාගෙන මාව මැරුවා. පිනක් ලෙස මෙච්චරයි සිහි කරන්න තිබුණේ. ඒ සුචරිත ධර්මයෙහි විපාක වශයෙන් මම සැප තිබෙන තවුතිසාවේ ඉපදුණා.
ශීල සංවරය ඇතිකර ගත්තේ මොහොතයි. ධම්මානුධම්ම පටිපදාවේ විපාකය බලනු මැන. මා දකින විට හීන සම්පත් ඇති බොහෝ අය මා වගේ කෙනෙක් වෙන්නයි කැමැති වෙන්නේ.
සුළු දේශනාවක අසිරිය බලනු මැන. මම සුගතියට ගියා. සැපත් ලැබුවා. එහෙම එකේ යම් කෙනෙක් නිතර නිතර ධර්මය ඇසුවොත් ඒ අය දුක, බිය රහිත අමා නිවන ස්පර්ශ කරනු නිසැකයි. තථාගතයන් වහන්සේ ගේ ධර්මයේ පිහිටලා යමක් කළ විට මහා විපාකයන් ලැබෙනවා. විපුලඵල ලැබෙනවා. පින් කරගත් මා දෙස බලන්න. හිරු මඬල බබළනවා වගේ මා දෙව්ලොව බබළනවා. මේ කුසලය මොන වගේ දෙයක්ද? මොන වගේ යහපතෙහි ද හැසිරිය යුත්තේ කියලා ඇතැම් දෙවිවරුන් සාකච්ඡා කරනවා.
භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ උපකාර කොට වදාළා. අනුකම්පා කොට වදාළා. මහ මද්දහනේ මා සිටි තැනට වැඩමවා ලූ සත්‍ය නාම වූ බුදුරජුන් කරා මා පැමිණුනා. මට අනුකම්පා කරන සේක්වා. ආයෙත් අසන්නම්, මේ ශාසනයේ යමෙක් කාමරාග දුරුකරනවා නම්, භව රාගයන් දුරු කරනවා නම්, මෝහයත් දුරුකරනවා නම් උන්වහන්සේලා ආයේ කවදාවත් මව්කුසක පිළිසිඳ ගන්න එන්නේ නැහැ. පිරිනිවීමට පත්වෙලා එයින් නිවී සැනසුම ලබනවා “
ඒ ඡත්තමානවක දිව්‍ය පුත්‍රයාගේ කතාව යි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ..
සටහන – නයනා නිල්මිණි
(බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි)

ඔහු විසුවේ සේතව්‍ය නුවරයි. ඡත්ත ඔහුගේ නමයි. පියා විසින් උක්කට්ඨා නුවර පොක්ඛරසාති නම් ගුරුතුමා වෙත ශිල්ප හැදෑරීම පිණිස ඔහු පිටත්කර යවනු ලැබුණා. ඉතා දක්ෂ සිසුවකු වූ ඡත්ත කෙටි කලකදී සියලු ශිල්ප උගෙන ශාස්ත්‍රය නිමා කළා.

Friday, March 14, 2014

Photo: අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ අතීතයේ වැඩසිටි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගැන පමණක් නොවෙයි. පසේබුදුරජාණන් වහන්සේලා ගැන පවා අපට හෙළිදරව් කොට වදාළා. අතීතය, වර්තමාන හා අනාගත යන තුන් කාලය පිළිබඳව කිසිවෙකුට වසාලිය නොහැකි ඤාණයක් අපගේ ශාස්තෘන් වහන්සේ තුළ තිබුණා. එය හඳුන්වන්නේ ‘අනාවරණ ඤාණය’ නමිනුයි. ඒ අනාවරණ ඤාණයෙන් යුතු භාග්‍යවතුන් වහන්සේගේ පුබ්බේනිවාසානුස්සති ඤාණය උන්වහන්සේගේ පෞද්ගලික ජීවිතයේ සසර පෙළගැස්ම දැකීමට පමණක් සීමා වෙලා තිබුණේ නැහැ. උන්වහන්සේට ඕනෑම කෙනෙකුගේ ගෙවුණු අතීතය දැකගැනීමේ හැකියාව තිබුණා. පසේබුදුවරයන් වහන්සේලා ගැනත් අපට විස්තර කොට දෙන්නේ ඒ අසිරිමත් බුදු නුවණ මනාව හැසිරවීමෙනුයි.
අද අපි තවත් පසේබුදුවරයන් වහන්සේ නමක් ගැන ඉගෙන ගනිමු. ඒ පසේබුදුවරයන් වහන්සේලා වදාළ උතුම් ගාථාවන් ගැන දැනගන්නටත් මේ තුළින් අපට අවස්ථාව ලැබෙනවා. මෙහි අගට සඳහන් වන්නේ සුත්ත නිපාතයේ ඛග්ගවිසාණ සූත‍්‍රයට අයත් තුන්වන ගාථාවයි.
අප මේ කරුණු ගැන දැනසිටිය යුතුමයි. එනම් බුදුවරයන් වහන්සේලා, පසේබුදුවරයන් වහන්සේලා මෙන්ම මහ බෝසතාණන් වහන්සේලාද පහළ වන්නේ දඹදිව් තලයේ පමණක් බව. ජම්බුද්වීපය යනු බුදුවරුන්ගේ භූමියයි. කෙලෙස් තවන උතුමන්ගේ භූමියයි. එයිනුත් මධ්‍ය මණ්ඩලය ඉතාම වැදගත්. හිමාල පර්වතයෙන් මෙපිට ඊසාන දිගට නැඹුරුව පහළ මැද කොටස තෙක් භූමිය මධ්‍ය මණ්ඩලයයි. බරණැස් නගරය පවා පිහිටා තිබෙන්නේ එම මධ්‍ය මණ්ඩලයේමයි. මිනිසුන්ගේ ආයුෂ අසූ දහසක් වූ කල්හි අද බරණැස් නුවර නමින් හඳුන්වන නගරය එකලට හඳුන්වනු ලබන්නේ ‘කේතුමතී’ නාමයෙන්. එම කේතුමතී නගරයේ තමයි මෛත‍්‍රී බුදුරජුන් පහළ වන්නේ.
මෙම කථාවේ සඳහන් වන පසේබුදුරජාණන් වහන්සේත් උපත ලැබුවේ බරණැස් නුවරයි. මුන්වහන්සේ ගිහි කල බරණැස් නුවර රජතුමා වශයෙනුයි කල් ගෙවා තිබුණේ. ලෝකයේ වෙන රටවල රජවරුන්ට වඩා දඹදිව රජවරුන්ගේ ප‍්‍රධාන වෙනසක් තියෙනවා. එනම්, ඒ රජවරුන් තුළ පවා සංසාර විමුක්තිය පිළිබඳව කිසියම් උද්වේගකර හැඟීම් තිබීමයි. ඇතැම් විට ඒ රජවරු ශ‍්‍රමණ බ‍්‍රාහ්මණවරු ගෙන්වාගෙන ධර්මය අසනවා. ඇතැම් රජවරු තමන්ගේ රාජකීය උද්‍යාන පවා ශ‍්‍රමණ බ‍්‍රාහ්මණවරුන්ට පුදනවා. ඇතැම් රජවරු සියල්ල දන් දී තම රාජ්‍ය පවා අන් අයට පවරා වනගතව තපස් රකිනවා. රජවරුන්ගේ ඉතිහාසයේ විමුක්ති සාධනය පිණිස අබිනික්මන් කළ තොරතුරු සඳහන් වන්නේ දඹදිව් තලයේ පමණයි.
අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පවා වෙස්සන්තර නමින් රජ කෙනෙක්ව සිටියා. එතුමා විමුක්තිය නාමයෙන් සියල්ල දන් දුන්නා. කොටින්ම තමන්ගේ නෙත් සඟල වන් ප‍්‍රියාදර දරු දෙදෙනා පවා දන් දුන්නා. තම බිසව පවා දන් දුන්නා. විමුක්තිය සෙවීම උදෙසා අසීමිත ආශාවකින් පෙළුණු මේ රජු දන් දෙන විට මහ පොළොව පවා කම්පා වී තිබෙනවා. වරෙක අප බෝසතාණන් වහන්සේ මඛාදේව නමින් රජ කළා. තවත් වරෙක දහම්සොඬ නමින් රජ වී ධර්මය ඇසීමෙහි කුල්මත් වූ ආශාවකින් යුතුව සියල්ල අත්හැර වනගත වුණා. මේ රජු ධර්ම ශ‍්‍රවණයට කොතරම් ගිජු ද යත්, යක්ෂයෙකුගේ වෙස් ගත් සක් දෙවිඳුගේ මුඛයට පනින්නට පවා පෙළඹුණා. මෙසේ විමසා බලද්දී දඹදිව රජ පරපුරෙහි ඇති මෙම සුවිශේෂත්වය ලෝකයෙහි වෙන කිසිදු රටක රජ පරපුරක් හා සසඳන්නට අසීරුයි.
පසේබුදුවරුන් පිළිබඳ කියැවෙන තොරතුරුවලදී පවා පැහැදිලි වන්නේ බොහෝ පසේබුදුවරු රජ මාළිගාවල රජකමට උරුම කියමින් ඉපදී ඇති බවයි. එමෙන්ම රජකම් කරමින් සිටියදී නිකෙලෙස් වී ඇති බවයි.
මෙම පසේබුදුවරයන් වහන්සේද බරණැස් නගරයෙහි රජ බවට පත්ව සිටියා. මොහු රජ කරමින් සිටියදී නොයෙකුත් උත්සව, සම්භාෂණ සහ පුදපූජාවන්වලටත් සහභාගී වුණා. නමුත් ක‍්‍රමක‍්‍රමයෙන් මේ රජුගේ සිත භාවනාවට යොමු වුණා. භාවනා කරද්දී සිත එකඟ වුණා. එහිදී රජතුමා කිසිසේත් අපේක්ෂා නොකළ දෙයක් සිදු වුණා. එනම් ප‍්‍රථම ධ්‍යානය උපදවා ගැනීමට සමත් වීමයි. ධ්‍යානයට සමවැදී එයින් නැඟිටි රජතුමා තමා ගත කරමින් සිටින ලෞකික ජීවිතයේත්, පංච නීවරණ යටපත් කොට ඇති කරගත් චිත්ත සමාධියේත් වෙනස පැහැදිලිව වටහා ගත්තා. රජතුමා කල්පනා කරන්න පටන් ගත්තා.
”ඔව්…! මං කුමාර අවධියේ කෙළිසෙල්ලමෙන් කල් ගෙව්වා. එකලත් මට සිතට ප‍්‍රීතිය දැනුණා. හැබැයි මෙම ධ්‍යාන සුවයෙන් ලබන නිරාමිස ප‍්‍රීතිය හා සසඳා බලද්දී කෙළි සෙල්ලමෙන් ලද ප‍්‍රීතිය නම් ලාමක දෙයක්මයි.
ඔව්…! මං උද්‍යාන ක‍්‍රීඩාවෙන් ප‍්‍රීතිමත් වුණා. මල් ගොමු සිසාරා ඇවිද ගියා. අශ්ව රේස් ගියා. සොබාදහමෙහි සොඳුරු දසුන් නරඹන්නට ගියා. ඒ සියලූ ප‍්‍රීතිය ඒ සැණෙකින්ම අවසන් වුණා. නමුත් ධ්‍යාන සුවයෙන් මා ලැබූ ප‍්‍රීතිය අභියස උයන් කෙළියෙන් ලබන ප‍්‍රීතිය නම් ලාමක දෙයක්මයි.
ඔව්…! අන්තඃපුරාංගනාවන් නිසා මට පංච කාමයම විඳින්න ලැබුණා. ලොව සිටින අභිරූපවත් සොඳුරු ළඳුන්ගේ පහස ලැබුණා. නමුත් ඒ වින්දනය හරිම වෙහෙසකරයි. පීඩාකාරීයි. සංසිඳීමක් නැති දෙයක්. යළි ඇවිස්සීමකට පත් කරවන දෙයක්. නමුත් නීවරණ සංසිඳවාගෙන මා ලද මේ දැහැන් සුවය සැබැවින්ම අසිරිමත්!
ඔව්…! රාජකෘත්‍යය නිසා මට යම්කිසි සතුටක් ලැබුණා. මගේ ආනුභාවය පැතිරවීමෙන් අමුතු සතුටක් මා වින්දා. මා බලය පැතිරවීමෙන් ලැබූ සතුට ඉතාමත්ම ගොරෝසුයි. එකිනෙකා කෙරෙහි සැකයෙන් යුතු, එකිනෙකා කෙරෙහි අධිපතිභාවය බලපැවැත්වීමෙන් ලබන සතුට මොනතරම් ලාමකද කියා මට වැටහෙන්නේ මේ දැහැන් සුවය හා සසඳා බලන විටයි.
ඔව්….! දැන් මට මේ රාජකීය ජීවිතය තුළ කිසි සැපතක් පෙනෙන්නෙ නෑ. එකවරම මෙය අත්හැරියොත් රට අවුල් වෙන්න පුළුවනි. නමුත්, මා ලද මේ විරාගී මානසික සුවය තරම් මගේ ජීවිතය සුවපත් කළ වෙන දෙයක් නෑ. මා කොහොමහරි බණ භාවනා කිරීම දිගටම ගෙනයන්න ඕන. දැන් කරන්න තියෙන්නේ ඇමතිවරුන් සතර දෙනෙකුට රජය පවරා මා වරින් වර සොයා බැලීමයි.”
ඉතින් ඒ රජතුමා විශ්වසනීය ඇමතිවරු හතර දෙනෙක් කැඳෙව්වා. රාජ්‍ය පාලනය දැහැමිව කරගෙන යාමේ වටිනාකම පවසා සිටියා.
”එම්බා ඇමතිවරුනි, රජකම් කිරීම නැණවතුන් විසින්ම කළ යුතු දෙයක්. මේ සඳහා විශේෂයෙන්ම හිතවත්කම අවශ්‍යයි. එකිනෙකා කෙරෙහි මිත‍්‍රභාවය අවශ්‍යයි. කිසි දිනෙක රාජ්‍ය ලෝභය උදෙසා එකිනෙකා කෙටවීම කළ යුතු නෑ. අල්ලස් ගණුදෙනු කළ යුතු නෑ. වංචා කළ යුතු නෑ. ඒ මිත‍්‍රත්වය තිබිය යුත්තේ පොදු ජනයාගේ යහපත උදෙසායි. හැබැයි, එකිනෙකා මිතුරු වී ජනතාව පෙළන්නට ගියහොත් රාජ්‍ය කෘත්‍යය අසාර්ථක වෙනවා.
ඇමතිවරුනි, ටික කලකට මට විවේකය අවශ්‍යයි. මට ටිකක් භාවනා කරගන්න ඕන. මං ඔබ පිටුපසින් ඉන්නවා. අවශ්‍ය විටෙක මා උපදෙස් දෙන්නම්. මා පරිද්දෙන්ම ඔබත් දැහැමින් සෙමෙන් රාජ්‍යය කරන්න.”
”එසේය, දේවයන් වහන්ස. ඔබවහන්සේ විවේකීව වැඩසිටින සේක්වා! බණ භාවනා කරන සේක්වා! අපි හතර දෙනා එකිනෙකාට මිත‍්‍රත්වයෙන්මයි වාසය කරන්නේ. අපි කවදාවත් සණ්ඩු සරුවල් කරගන්නෙ නෑ. අසමඟි වෙන්නෙ නෑ. ඔබතුමාගේ අදහස අපි ඉෂ්ට කරනවා.”
ඉතින් රජතුමා ඉතාමත් සතුටට පත්වුණා. ඒ ඇමතිවරුන් සිව් දෙනාට රජකම පැවරුවා. මේ ඇමතිවරුත් ඉතාමත් සතුටින් සහ ගෞරව භක්තියෙන් යුතුව ටික දවසක් රජකම් කරගෙන ගියා. ටිකෙන් ටික මොවුන් බලයෙන් මත් වුණා. ඉසුරුමත් බවෙන් මත් වුණා. අධිපතිබවෙන් මුළා වුණා. තම තමන්ගේ හිත මිතුරන්ට විශේෂ ලෙන්ගතුකම් දක්වන්නට පටන් ගත්තා. අමුතු අනුකම්පාවල් කරන්නට පටන් ගත්තා. ටිකෙන් ටික ඔවුන්ගේ සාධාරණ බව සහ දැහැමි බව වෙනස් වෙන්න පටන් ගත්තා. ඔවුන් අල්ලස් ගත්තා. හිමිකරුවා අහිමිකරුවා කළා. අහිමිකරුවා හිමිකරුවා කළා. කොතරම් උපදෙස් දුන්නත් ඔවුන්ගේ ක‍්‍රියාව අදැහැමි වූ නිසා රජය පිරිහෙන්නට පටන් ගත්තා.
එක්තරා දවසක් රජුගේ ළඟම හිතෛෂී කෙනෙකු පවා මහා කරදරයක වැටුණා. මේ ඇමතිවරුන්ගේ අල්ලස් ගැනිල්ල නිසා ඔහුට අසාධාරණයක් සිදුවුණා. ඔහු සතු දේ අහිමි වුණා. දිනක් මොහු රජුට ආහාර සපයන පිරිස සමඟ රජ මැදුරට ගියා. මේ සියලූ දූෂණ, වංචා පිළිබඳව හෙළිදරව් කළා.
රජතුමා මහත් සංවේගයට පත්වුණා. තමන් ඉතාමත් විශ්වාසයෙන් යුතුව පැවැරූ රාජ කෘත්‍යය මේ ඇමතිවරුන් විසින් ක‍්‍රමක‍්‍රමයෙන් පිරිහෙලා දැමීම ගැන කණස්සල්ලට පත්වුණා. රජතුමාගේ බණ භාවනා කටයුතු අඩාල වෙන්න පටන් ගත්තා. සිත විසිරෙන්න පටන් ගත්තා.
දිනක් රජතුමා නඩු විසඳන අධිකරණ සමථ ශාලාවට පැමිණියා. එහිදී රජතුමා දුටු මහජනයා මහා හඬින් ඝෝෂා කරමින් කෝළාහල කරන්නට පටන් ගත්තා.
”අහෝ! අපගේ දේවයන් වහන්ස, නුඹවහන්සේ කොහි වැඩසිටි සේක්ද? නුඹවහන්සේව දැකීම පවා අපට සැපයකි. නුඹවහන්සේගේ ඇමතිවරු මෙම රාජ්‍යය වනසනවා…. ඔවුන් අල්ලස් ගන්නවා. හිමිකරුවන්ව අහිමිකරුවන් කරවනවා. අහිමිකරුවන්ව හිමිකරුවන් කරවනවා. ඔවුන්ගේ එකම ඉලක්කය රාජ බලය තුළින් ධනවත් වීම විතරයි. අහෝ! දේවයන් වහන්ස, මෙයින් අපව මුදවා ගන්නා සේක්වා!”
හැඬූ කඳුලින් යුතුව පොදු ජනයා විසින් කරනු ලබන මෙම උද්ඝෝෂණය නිසා රජතුමා මහත් කම්පාවට පත්වුණා. දයා විරහිත ඇමතිවරුන් මිතුරන් අතරේ සම්පත් බෙදා ගන්නට ගොස් යහපත වනසා දමා ඇති අයුරු වැටහුණා. රජතුමාත් වෙනදා මෙන්ම භාවනා කරන්න පටන් ගත්තා. එදා භාවනා කරගත නොහැකි වුණා. චිත්ත සමාධිය නැතිවුණා. ධ්‍යානය නැතිවුණා.
එදා රාත‍්‍රියේ රජතුමා සඳළුතලයට ගොඩවුණා. කල්පනා කරන්නට පටන් ගත්තා.
”ඔව්! මං දැන් තීරණයක් ගත යුතුයි. එක්කො මේ භාවනා කටයුතු අත්හැර දමා නැවත රාජ්‍ය පාලනය කළ යුතුයි. එසේත් නැතිනම් රාජ්‍ය පාලනය අත්හැර දමා දිගටම භාවනාව කළ යුතුයි….. මේ බරණැස් නගරයේ පහළ වූ පළවෙනි රජු මං නොවෙයි. අවසාන රජුත් මං නොවෙයි. අවුරුදු දහස් ගණනක රාජාවලියක් තියෙනවා. අනිත් රජවරුන්ගේ කාලයේදීත් මේ තත්වයම තියෙන්න ඇති. කෙලෙස් සහිත ලෝකය තුළ අවංක රාජ්‍ය පාලනයක් නම් කිසිසේත් බලාපොරොත්තු වෙන්න බෑ.
අපේ පරපුරේ රජවරු හිටියා. සමහරු රජකම අත්හැර තපස් රැක්කා. සමහරු අවසන් සුසුම හෙලද්දීත් රජකමට ලොබ බැන්දා. සැබැවින්ම ජයගත්තේ රජකම අත්හළ පිරිසයි. එනිසා මාත් යම්කිසි තීරණයක් ගත යුතුයි.
ඔව්…! මේ රජකමට ආසා කිරීමෙන් ඇති ඵලය කුමක්ද? මං මෙය අත්හරිනවා අත්හරිනවාමයි.”
රජතුමා රජකමට ඇති ආශාව අත්හැරියා. මහජනයාට සිදු වී ඇති විපත ගැන හටගත් චිත්ත පීඩාවත් අත්හැරියා. ඇමැතිවරුන් ගැන හටගත් අමනාපයත් අත්හැරියා. නැවතත් භාවනා කරන්නට පටන් ගත්තා. රජුගේ සිත වහා එකඟ වුණා. සමාධිමත් වුණා. ධ්‍යානගත වුණා. රජතුමා නුවණින් විමසන්න පටන් ගත්තා.
‘මේ හැම කරදරයක්ම වෙන්නේ ඉපදීම නිසයි. එතකොට අපි ඉපදුණේ කවර හේතුවක් නිසාද? මේ උපන් හේතුව ප‍්‍රහාණය කළ නොහැකිද? ඉපදීමෙන් නිදහස් විය නොහැකිද? නෑ…. උපතින් නිදහස් වීමක් තිබිය යුතුමයි. උපදින හේතුව සොයා ගත යුතුමයි.’
රජතුමා ටිකෙන් ටික ඉපදීමට හේතුව සොයන්න පටන් ගත්තා. ජීවිතයේ කිසි දිනෙක නොඇසූ විරූ කිසියම් අද්භූත වැටහීමක් රජතුමා තුළ ඇතිවෙන්න පටන් ගත්තා. උපතට හේතුව භවය බව රජතුමාට වැටහුණා. භවයට හේතුව උපාදානය බව වැටහුණා. උපාදානයට හේතුව තෘෂ්ණාව බව වැටහුණා. තෘෂ්ණාවට හේතුව වින්දනය බව වැටහුණා. වින්දනයට හේතුව ස්පර්ශය බව වැටහුණා. ස්පර්ශයට හේතුව ආයතන හය බව වැටහුණා. ආයතන හයට හේතුව නාමරූප බව වැටහුණා. නාමරූපයට හේතුව විඤ්ඤාණය බව වැටහුණා. විඤ්ඤාණයට හේතුව සංස්කාර බව වැටහුණා. සංස්කාරවලට හේතුව අවිද්‍යාව බව වැටහුණා.
අවිද්‍යාවෙන් හටගන්නා මෙම වැඩපිළිවෙල නිසා උපන් සත්වයා පිළිසිඳගත් මොහොතෙහි පටන් මරණය දක්වාම අනාරක්ෂිත බව තුළින් හටගන්නා කිසියම් බියජනක ස්වභාවයකින් පෙළෙන බවත්, මෙය දුක බවත්, මෙය සනාතන සත්‍යයක් බවත් වැටහුණා. මේ දුක හටගන්නේ මෙයට ඇලූම් කිරීම නිසා බවත් වැටහුණා. ඇල්මෙන් නිදහස් වූ විට සියලූ බිය තැතිගැනීම් වලින්, සියලූ දුකින් නිදහස් විය හැකි බවත් වැටහුණා. මේ සඳහා කළ යුත්තේ ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව සමාධියත්, ප‍්‍රඥාවත් වැඞීම බවත් වැටහුණා. රජතුමා තුළ අවිද්‍යාව ක‍්‍රමක‍්‍රමයෙන් දුරු වී ගොස් චතුරාර්ය සත්‍යාවබෝධ්‍ය නම් වූ විද්‍යාව පහළ වුණා. ආසවක්ඛය ඤාණය ඇතිවුණා. නිකෙලෙස් වුණා. අරහත්වයට පත්වුණා. පසේබුදුරජාණන් වහන්සේ නමක් බවට පත්වුණා.
දැන් මේ පසේබුදුරජාණන් වහන්සේ උඩුමහල් තලයේ සිට පහතට වැඩියා. රාජාභරණයෙන් සැරසී සිටින රජු හැටියට තවමත් පෙනෙන නිසා ඇමතිවරු පැමිණ රජතුමා මුණගැසුණා. රාජ්‍යකරණයට අනුශාසනා කරන්න කියා පවසා සිටියා.
”මං දැන් රජ කෙනෙක් නෙවෙයි. රජකම ගැන සිතීම මේ සිතෙන් සදහටම අයින් වුණා. මගේ සිතේ යම්කිසි විරාගී සතුටක් තියෙනවා. ලොව කිසිවෙකුට නොඇලූණ කිසියම් අද්භූත චමත්කාරයක් මට දැනෙනවා. ඒ නිසා මං දැන් මේ රාජකීය ජීවිතයට අයත් නෑ කියලයි මට වැටහෙන්නේ. මට හිතෙන්නේ මං තුළ කුමක්දෝ අසිරිමත් වෙනසක් වෙලා තියෙනවා කියලයි.”
”ඒ කියන්නේ දේවයන්වහන්ස, ඔබවහන්සේ පවසා සිටින්නේ කිසියම් ජීවිතාවබෝධයක් ලැබුවා කියලද? අප අසා තිබෙන්නේ විරාගී සතුටක් විඳින ජීවිතාවබෝධය ලබන්නේ ‘පච්චේකබුද්ධ’ නම් වූ ශ‍්‍රමණයන් වහන්සේලා බවයි. ඉතින් ඔබවහන්සේ එවැනි කෙනෙක් නොවෙයිනේ…. ඒ පසේබුදුවරයන් වහන්සේලා කෙස් රැවුල් බාලා තියෙනවා. පාත‍්‍රා සිවුරු දරනවා. පිඬු සිඟා යැපෙනවා.”
එතකොට මෙතුමා හිස අතගෑවා. ඒ සැණින්ම කෙස් රැවුල් නොපෙනී ගියා. රාජකීය වස්ත‍්‍රාභරණ නොපෙනී ගියා. ඉර්ධිමය ආකාරයෙන් සිවුරු පිරිකර පෙරවී ගියා. අතට පාත‍්‍රයක් ලැබුණා. ශ‍්‍රමණයන් වහන්සේ නමක් බවට පත්වුණා. එවේලෙහි ඇමතිවරු උන්වහන්සේ පාමුල වැඳවැටුණා.
”අනේ පින්වතාණන් වහන්ස, ඔබවහන්සේ මේ රාජ්‍යය අත්හැර වඩින්න එපා! අපට අනුකම්පා කරන්න. ඔබවහන්සේගේ කරුණා මෛත‍්‍රියෙන් යුතු පාලනය අපි හැමෝටම සැපයක්. ඒ තුළින් අපට යහපත උදා වෙනවා.”
එවිට ඒ පසේබුදුරජාණන් වහන්සේ මෙම උදානය පහළ කොට අහසට පැන නැංගා.
මිත්තේ සුහජ්ජේ අනුකම්පමානෝ
හාපේති අත්ථං පටිබද්ධ චිත්තෝ
ඒතං භයං සන්ථවේ පෙක්ඛමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ
”මිතුරන් සමඟ සුහද වෙලා ඔවුන්ට පමණක් අනුකම්පා කරන්නට ගියොත්, ඔවුන් කෙරෙහි දැඩි ලෙස ඇල්ම ඇතිව බැඳී ගියොත්, ලොවට සිදුවිය යුතු පොදු යහපත දුරුවෙලා යනවා. මිතුරන් සමඟ එක්ව වාසය කිරීමේ ඇති ඔය අනතුර මට පේනවා. දැන් මං නිදහස්! ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”
සාදු! සාදු!! සාදු!!

අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ අතීතයේ වැඩසිටි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගැන පමණක් නොවෙයි. පසේබුදුරජාණන් වහන්සේලා ගැන පවා අපට හෙළිදරව් කොට වදාළා. අතීතය, වර්තමාන හා අනාගත යන තුන් කාලය පිළිබඳව කිසිවෙකුට වසාලිය නොහැකි ඤාණයක් අපගේ ශාස්තෘන් වහන්සේ තුළ තිබුණා. එය හඳුන්වන්නේ ‘අනාවරණ ඤාණය’ නමිනුයි. ඒ අනාවරණ ඤාණයෙන් යුතු භාග්‍යවතුන් වහන්සේගේ පුබ්බේනිවාසානුස්සති ඤාණය උන්වහන්සේගේ පෞද්ගලික ජීවිතයේ සසර පෙළගැස්ම දැකීමට පමණක් සීමා වෙලා තිබුණේ නැහැ. උන්වහන්සේට ඕනෑම කෙනෙකුගේ ගෙවුණු අතීතය දැකගැනීමේ හැකියාව තිබුණා. පසේබුදුවරයන් වහන්සේලා ගැනත් අපට විස්තර කොට දෙන්නේ ඒ අසිරිමත් බුදු නුවණ මනාව හැසිරවීමෙනුයි.

පාඨකයන්