"සතුරා භීතියෙන් සසළකල විශේෂ බලකායේ දිගු දුර විහිදුම් "
මරණයට අභියෝග කර ජීවිතය ලැබුවෝ .(01 කොටස)
සතුරු භුමිය විනිවිද ගොස් මාරක ප්‍රහාර එල්ල කිරීමේ දිගුදුර විහිදුම් සටන් කලාවේ ප්‍රවීණයන් වූ විශේෂ බලකා ඉතිහාසයේ ලියවුනු තවත් එක් කතා පුවතකි මේ...
එවකට මේජර් කුමාර ගල්හේනගේ නිලධාරී අණදෙන වශයෙන් තම කණ්ඩායමට (company) අයත් ලුතිනන් රාජකරුණා සහ සැරයන් මුතුසිංහගේ නායකත්වයෙන් 6දෙනාගේ කණ්ඩායම් දෙකක් විශේෂ මෙහෙයුමකට කැඳවන ලදී. සතුරු අණසක පතුරාගෙන සිටි නැදුන්කර්නි භුමියේ විශේෂිත රැකසිට පහරදීමේ මෙහෙයුම් 02ක් සඳහා ඔවුනට අණ ලැබිණි.
පසුදින ඒ සඳහා ඉදිරි ආරක්ෂක වළල්ල වෙත කිලෝමීටර් 06 සමුහ සතුරු නාශක වෙඩි මගහරිමින් ගමන්කළ ඔවුන් එදින රාත්‍රියේ 10වන පාබල හමුදාවේ බ්‍රාවෝ කණ්ඩායමේ ස්ථානාගත වුහ. 0530පැයට පරිසරයට අනුව වෙස්වලාගෙන ඉදිරි ආරක්ෂක කලාපය වෙත ගමන්කළ ඔවුන් පළමුව සැරයන් මුතුසිංහ ගේ කණ්ඩායමත් දෙවනුව ලුතිනන් රාජකරුණාගේ කණ්ඩායමත් මාමඩුව ප්‍රදේශයෙන් ඉදිරි ආරක්ෂක කලාපයට ඇතුළු වුහ. ඉන් කි.මි.05ක් පමණ ඇතුලට ගිය ඔවුන් උදැසන ආහාරය එහිදී ලබහත්හ. තවත් කි.මි.05ක් පමණ ගොස් දිවා ආහාරයද ලබාගත් ඔවුන් දැන් සිටින්නේ සතුරාගේ ක්‍රියාකාරිත්වය ඉහල භූමියක නිසා වඩාත් ප්‍රවේසම් වුහ. එවන් විටක "ගොළුවා " ලෙස ආමන්ත්‍රණය කරන සයිලන්සර් යෙදු MP 5 අවිය යොදාගැනීමට ඔවුන් නිතර ප්‍රවේසම් වුහ. හරි හැටි යටිරෝපනයක් නොමැති මේ කැලේ තුල දිව කාලයේ ගමන් කිරීම මරණයට ඇත වැනීමකි. නමුත් විශේෂ බලකායෙන් ලද පුහුණුව එම අභියෝග ජයගැනීමට ඔවුන්හට ආශිර්වාදයක්ම විය. හදිසියේම ඉදිරියේදී හමුවුන පාරවල් දෙක අසල විනාඩි 45ක් පමණ විමර්ශනය කල ඔවුන් ඉන් පසුව එය හරහා ගියෝය. මෙහිදී කුඩා බංකරයක් සහ පැල්කොටයක් ඔවුන්ගේ ඇස ගැටිනි. එහි කිසිවෙකු නොසිටි නමුත් අතුගා ඇති පාරවල් දුටු ඔවුන් වහාම ඉන් ඉවත් විය.
හිරුගේ උණුසුම ගෙවී යාමෙන් පසුව එදින රැය පහන් කරන්නට එකලඟ ගස් ඇති තැනක් තෝරාගෙන රය පහන් කළෙමු. දිවා කාලයේ දැඩි හිරු රශ්මිය විදි නිසාම රතිරියේ කිහිපදෙනෙකු මුත්‍රා දැවිල්ල සැදී තිබු නමුදු මුවින් ශබ්ධ නොනගා එය ඉවසා දරාගැනීමට මෙම විශිෂ්ටයන් හට සිදුවිය. පසු දින පාන්දර 0530පැයට සැරයන් මුතුසිංහ තම කාණ්ඩය සමග රැකසිට පහරදීමට පිටත්විය. 0630පමණ ලූතිනන් වරයාගේ කන්ඩායමද ආදාල රැකසිට පහරිමට පිටත් වුහ.මේවන විට ඔවුන් කි.මි.15ක් පමණ පැමිණ සිටියහ. හදිසියේ ඉදිරියෙන් විවුර්ත භූමියක් ඔවුන්ගේ අස ගැටිණි. පැයක් පමණ කාලයක් එය නිරික්ෂනයෙන් අනතුරුව දකුණුපසින් කුකුලෙකු හඬලන හඬ ඇසි ඔවුන්ගේ මුහුණේ මතුවුයේ ප්‍රශ්නාර්ථයකි. "ගම්මානයක් ?" ඉන් අනතුරුව ඔවුන් වඩාත් විමසිල්ලෙන් නිරීක්ෂණයේ යෙදුනෝය. ටික වෙලාවකට පසු ගසක් උඩට නැගි සෙබලෙක් අතැති දුරදක්නයකින් දුටුවේ ට්‍රැක්ටර් රථයක් පාරක ගමන්ගන්න අයුරුයි. ඒ අවට වඩ වඩාත් නිරීක්ෂණයෙන් පසුව වැවක් කුඹුරු යායක් ඇති බවත් සිතියම නිරීක්ෂණයෙන් පසු මේ පරප්පම්කන්ඩාල් ගම බවත් ඔවුන් හට පසක් විය. මේ අතර වෙඩි හඬක් දෙවරක්ම ඇසීමෙන් පසු ඒ බව නිලධාරී අණදෙන හට සලකිරීමට ඔවුන් තීරණය කලත් පණිවිඩ හුවමාරු යන්ත්‍රය ක්‍රියාත්මක නොවූ නිසා ඉදිරි ගමන පිලිබඳව අවිනිශ්චිත තත්වයක් මතු විය.
" ඕන දෙයක් අපි යමු " ලුතිනන් වරයා පැවසු විට සියල්ලෝම හිස් වනුහ. එදින රාත්‍රිය සඳ පායා ඇති රැයක් වුනු අතරම සඳ එළියෙන් නැහැවෙමින් නිදහසේ ගමන් කිරීම කිසි සේත් ආරක්ෂිත නොවිය. එයින් මීටර් 300ක් පමණ ඉදිරියෙන් විශාල විදුලි එළියක් ඔවුන්ට ඉහලින් විටින් විට එල්ල වන්නට විය. එයින් ආරක්ෂා වෙමින් වැටි වැටි නැගිටිමින් විටක බඩ ගාමින් ඉදිරියට ඇදුනු ඔවුන් දහවල් දුටු පාරේ මිනිසුන් දෙදෙනෙක් විදුලි පන්දම් දල්වමින් ගමන් කරනු දුටුවෝය. නැවතත් වෙඩි හඬක් ඇසිනි. ඔවුන් පාරට ලං වෙනවා සමගම 'කන්සිටිනා රෝල්' යොදා පාර මෙපිට අවුරා ඇතිබව දක්නට ලැබිනි. A -9 මාර්ගය දෙපසවත් 'කන්සිටිනා රෝල්' නොදමන අතර මෙය ඉතා වැදගත් මාර්ගයක් විය යුතුය. ඒ අසල ලගින් ළඟ ලි ගැසූ ශක්තිමත් වැටක් විය. එය අමාරුවෙන් තරණය කල ඔවුන් පසුව එය නැවත පිළිසකර කලෝය. ඊට මීටර් 400ක් පමණ එපිටින් ලන්තරුන් එළියක් දක්නට ලැබිණි. තව දුරටත් ඉදිරියට ගිය ඔවුන් දකුණු දෙසින් දත් විලිස්සාගත් යක්ෂ දඩබල්ලන් දස දෙනෙක් පමණ සඳට වශීවී ඒ දෙස බලමින් සක්මන් කරමින් සිටියහ. බල්ලන් ඉතා සංවේදී කොට්ටාශයක් වූ නිසා කලබල වුනු අපගේ හද ගැස්ම පවා දැනීමට ඔවුන් සමත් වේ. නිසල පිලි රූ ලෙස නොසැලී සිටි ඔවුන් බල්ලන් පිටත්ව ගිය පසු භුමිය පසු කලෝය. අළුයම 0230පමණ කැළෑ රොදකට පැමිණ එදින රැය පහන් කල ඔවුන් නැවත 0630 පමණ වනවිට ගමන් ඇරඹුහ. බොහෝ දුරක් නිහඬවම ගමන්කළ ඔවුන් සමග සිටි කෝප්‍රල් රත්නායක "අර තියෙන්නේ කනගරායකුලම් ආරුව "යයි රහසින් පැවසිය. කැලෑ බළලුන් සේ ඊට ළගා වූ ඔවුන් පැය එකහමාරක් පමණ නිරීක්ෂණයෙන් අනතුරුව බෝතල් වලට ජලය පුරවාගත්හ. ඉදිරි ගමනේ අතරතුර බංකර් පේලියක් ඔවුන් ගේ ඇස ගැටුණි. නමුත් කිසිවෙකු එහි නොවිය මේ අතර A 9 මාර්ගයේ වාහන වල ශබ්ධ මද වශයෙන් ඔවුන් හට ඇසෙන්නට විය.ඔවුන් ඉදිරියේ වූ නැදුන්කර්නි මාර්ගයේ දකුණු දෙසින් විශාල පිපුරුමක් ඇසිනි. හඬ නංවමින් ගිලන්රථ 02ක් එදෙසට යන බව ඔවුන්ට ඇසුනි. "තවත් SF ඇම්බුෂ් එකක්කද ? " ඔවුන්ට සිතුනි.
එම ස්ථානයේම පය 03ක් පමණ ගතකල ඔවුන් දිව ආහාරය ලෙස බිස්කට් ගත්තෝය. ඉදිරි මාර්ගයට මීටර් 500පමණ ළඟාවූ ඔවුන්ගේ දෙදෙනෙක් ඉදිරි මාර්ග නිරීක්ෂණයට ගොස් පැමිණ ලුතිනන් වරයට තතු දැන්වූ අතර පසුව ලුතිනන් රාජකරුණා සහ කෝප්‍රල් බණ්ඩාර සමග වැඩි දුර නිරීක්ෂණය සඳහා පිටත්ව ගියහ. පැය එකහමාරක් පමණ ගත විය. මේ අතර කොටි රජදහනක් වූ නදුන්කර්නි මාර්ගය අසලින් ලබා ගත වැලි අහුරක් රැගෙන හිස් ග්ලුකෝස් කවරයක බහගත් කෝප්‍රල් ලියනගේ තම කඳවුරේ සගයන්ට පෙන්වීම සඳහා එය රැගෙන යාමට කලිසම් සාක්කුවේ දමාගත්තේය. මේ අතර හදිස්සියේ පැමිණි ලුතිනන් රාජකරුණා සහ කෝප්‍රල් බණ්ඩාර හති දමම්න් ලොවම එපාවූ ලෙසින් "දැක්කා ..අපිව දැක්ක.." ලෙස මිමිණුම් බසින් පැවසිය. පාර නිරීක්ෂණය කරන අතර පැමිණි සිවිල් වැසියෙක් ඔවුන් දැක නොදැකපු ලෙස පා පැදියකින් ගොස් තිබිණි. නමුත් එය එතරම් දෙයක් නොවන බව තරුණ ලුතිනන් වරයාගේ අදහස විය..කාණ්ඩයේ දැඩි පෙරැත්තය මත රැක සිට `පහරදීම මීටර් 200පමණ එහා යොදාගැනීමට ලුතිනන් වරයා එකඟ විය.
මේ වනවිට විශේෂ බලකා කඳවුරේ උදැසන 0630පමණ නිලධාරී අණදෙන වරයාට අණදෙන නිලධාරිගෙන් පණිවිඩයක් ලැබී තිබිණි. "56 ඩිවිෂන් එකේ ටෙරා මොනිටරින් සෙට් එකේ මොනිටර් වෙලා තියෙනවා ආමි එකේ කට්ටියක් නැදුන්කර්නි අවට ගැවසෙනවා කියල. ආමි එකේ වෙන කවුරුත් ඔච්චර ඇතුලට යන්නේ නෑ. අපේ කට්ටියක් වෙන්න ඇති. කුමා චෙක් කරලා බලන්න " "හරි සර් මම චෙක් කරලා බලන්නම් " මේජර් ගල්හේනගේ පැවසුවද ලුතිනන් රාජකරුණාගේ කණ්ඩයේ රේඩියෝ උපකරණ හෝ සැටලයිට් ෆෝන් එක ක්‍රියාත්මක නොවිය. දිගින් දිගටම 56සේනාංකයෙන් තොරතුරු එවිනි. "පාලමක් ළඟ කට්ටියක් ඉන්නවා අපි දැන් චෙක් කරලා බලන්න යන්නේ "යයි LTTE පණිවිඩ හුවමාරු වලින් පැවසිය. "මොන පාලමද කොහොමද හොයන්නේ පාලම් කීයක් තියනවාද? ටීම් කීයක් බස්සල තියනවද ? " මේජර් වරයා කැළඹුණු මනසකින් පැවසිය. සියාලු කණ්ඩායම් වලට දැනුම්දීමට තීරණය කලද එය කිරීමට නොහැකි වුයේ උදෑසන 06ත් සවස 06අතර කාලය තුල සියලු රේඩියෝ යන්ත්‍ර ක්‍රියා විරහිත කරන බැවිනි. බැටරියේ ආයු කාලය දිගුකොට ගැනීමටත්,මෙහෙයුමේ රහස්‍ය භාවය ආරක්ෂා කරගැනීමටත් මෙය මෙසේ සිදුවිය. කල හැකි කිසිවක් නොවුයෙන් ඔහු අසරණව බලා සිටියේය .......
මතු සම්බන්දයි !
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බළකාය.(SF)
අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා.

0 comments:
Post a Comment