Tuesday, March 11, 2014



Photo: දිනක් භික්ෂූන් හා මිනිසුන් නැගී එන නැවක් හිටි හැටියේ ම මුහුද මැද නතර විය. පරීක්ෂා කළේ ද කිසිදු යාන්ත‍්‍රික දෝෂයක් නො වීය. නමුත් නැව ඉදිරියට නො යන්නේ ය. අවසානයේදී මෙහි කවුරු හෝ අවාසනාවන්තයෙකු, කාලකණ්ණියෙකු සිටින්නේ දැ යි කුසපත් ඇද බැලීය. අවාසනාවන්ත කුසපත ලැබුණේ නාවිකයාගේ බිරිඳට ය. තුන්වතාවක් ම කාලකණ්ණි කුසපත ඇයට ලැබුණු බැවින් නාවිකයා ගේ ද කැමැත්ත ඇතිව ඇගේ බෙල්ලේ වැලි කලයක් එල්ලා මුහුදට දමුහ. පසුව නැව පණගන්වාගෙන ගොඩබිමට ආහ. භික්ෂූහු මෙහි පූර්ව කර්මය තථාගතයන් වහන්සේගෙන් විමසූ හ. මේ කාන්තාව මීට පෙර රූමත් කාන්තාවක්ව සිටියා ය. ඊට ආත්ම තුනකට පෙර ඇගේ ස්වාමි පුත‍්‍රයා ඒ නිවසේ සුනඛයෙක් විය. අහෝ සසර හැටි! පූර්ව සෙනෙහස නිසා ඇය යන යන තැනට සුනඛයා ද යයි. ගම්හූ ඇයට මේ සුනඛයා පස්සෙන් ඒම ගැන පද හදා විහිළු කළහ. ලැජ්ජාවට පත්වූ ඇය සුනඛයා ගේ ගමන වලක්වන්නට නො හැකිව වැලි කලයක් බෙල්ලේ බැඳ දියේ ගිල්වා බල්ලා මැරීය. මේ පවින් අපා ගත වී ශේෂ කර්ම ලෙස ආත්මභාව 100ක් ම ගෙල බැඳි වැලි කලයක් ඇතිව ම දියේ ගිලී මැරෙන්නට සිදු වූ බව වදාළ සේක. එබැවින් සත්පුරුෂයෝ අනුවණයන් ගේ නින්දාවට බියවී පව් කම් කොට මහත් දුකට පත් නො වේවා!

(ධම්මපද අට්ඨකථා 452 පිට)

මතු සම්බන්ධයි!

දිනක් භික්ෂූන් හා මිනිසුන් නැගී එන නැවක් හිටි හැටියේ ම මුහුද මැද නතර විය. පරීක්ෂා කළේ ද කිසිදු යාන්ත‍්‍රික දෝෂයක් නො වීය. නමුත් නැව ඉදිරියට නො යන්නේ ය. අවසානයේදී මෙහි කවුරු හෝ අවාසනාවන්තයෙකු, කාලකණ්ණියෙකු සිටින්නේ දැ යි කුසපත් ඇද බැලීය. අවාසනාවන්ත කුසපත ලැබුණේ නාවිකයාගේ බිරිඳට ය. තුන්වතාවක් ම කාලකණ්ණි කුසපත ඇයට ලැබුණු බැවින් නාවිකයා ගේ ද කැමැත්ත ඇතිව ඇගේ බෙල්ලේ වැලි කලයක් එල්ලා මුහුදට දමුහ. පසුව නැව පණගන්වාගෙන ගොඩබිමට ආහ. භික්ෂූහු මෙහි පූර්ව කර්මය තථාගතයන් වහන්සේගෙන් විමසූ හ. මේ කාන්තාව මීට පෙර රූමත් කාන්තාවක්ව සිටියා ය. ඊට ආත්ම තුනකට පෙර ඇගේ ස්වාමි පුත‍්‍රයා ඒ නිවසේ සුනඛයෙක් විය. අහෝ සසර හැටි! පූර්ව සෙනෙහස නිසා ඇය යන යන තැනට සුනඛයා ද යයි. ගම්හූ ඇයට මේ සුනඛයා පස්සෙන් ඒම ගැන පද හදා විහිළු කළහ. ලැජ්ජාවට පත්වූ ඇය සුනඛයා ගේ ගමන වලක්වන්නට නො හැකිව වැලි කලයක් බෙල්ලේ බැඳ දියේ ගිල්වා බල්ලා මැරීය. මේ පවින් අපා ගත වී ශේෂ කර්ම ලෙස ආත්මභාව 100ක් ම ගෙල බැඳි වැලි කලයක් ඇතිව ම දියේ ගිලී මැරෙන්නට සිදු වූ බව වදාළ සේක. එබැවින් සත්පුරුෂයෝ අනුවණයන් ගේ නින්දාවට බියවී පව් කම් කොට මහත් දුකට පත් නො වේවා!

(ධම්මපද අට්ඨකථා 452 පිට)

0 comments:

Post a Comment

පාඨකයන්