බතක් ඉදීමට පෙර බිඳුණ අතක් සවි කිරීමට සමත් හෙළ වෙදකමක් සහිත මිනිසුන් විසූ රටක් ලෙස රොබට් නොක්‌ස් වැනි විදේශිකයන්ගේ පවා සම්භාවනාවට ලක්‌වෙමින් වසර සිය දහස් ගණනක එපිට සිට පැවත එන හෙළ වෙදකමට අනුපාන සපයමින් ද, ව්‍යාපාරික කොළඹට අහිමි වෙමින් පවතින සිංහලකම රැක ගනිමින් ද වසර සියයකට ආසන්න කාලයක් ගබොස් ලේන් කේන්ද්‍ර කොට ගනිsන් පවත්වාගෙන යන ආයුර්වේද ඖෂධ වෙළෙ¹මේ හෙට දවස රැක ගැනීම මෙන්ම ඒ හරහා දිවි සරිකර ගන්නා රට පුරා විසිර සිටින දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ යහපත පිණිස අදාළ ආයතන සහ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු කාලය තවමත් ඉක්‌ම ගොස් නැත.
හිස කඳ කෙළින් කොට නැගී සිටිය හැකි ජාතියක් නිර්මාණය කිරීම පිණිස දේශීයත්වයට මුල්තැනක් දීමට ඔවුන් උත්සුක වන්නේ නම් සෙම්ප්‍රතිශ්‍යාව සඳහාත් පෙති බෙහෙත් ඉල්ලා බටහිරට අතපාන ජනතාව නගා සිටුවීම පිණිස ලක්‌පොළොව මේ මොහොතේ ද පසුවන්නේ දැඩි වුවමනාවකින් යුතුවය.
අපේ රටේ සුදුහඳුන් ගස් ටික ජාවාරම්කරුවන් රට පටවනවා. ඉතා වටිනා ඖෂධයක් වන සුදුහඳුන් ටික රටට අහිමි වෙනවා. අද සුදුහඳුන් ඉන්දියාවෙන් ගෙන්වන්න වෙලා තියෙනවා. රත්හඳුන් ගත්තත් එහෙමයි. වේගයෙන් වඳ වී යැමේ තර්ජනයට ලක්‌වෙලා. ඒ වෙනුවට රත්කීරිය ඉන්දියාවෙන් ගෙන්වනවා. අපේ පොළොවේ පැළවුණ ඉතා වටිනා ඖෂධ රාශියක් අද වඳවෙමින් පවතිනවා. ඒකට හේතුව තමයි වල් නාශක. වල් නාශක යෙදීම නිසා රටට අහිමි වෙන්නේ අවුරුදුÊදහස් ගණනක් තිස්‌සේ තිබුණ වටිනා ඖෂධ පැළෑටි ටික. මන්නාරමින් ගෙනාපු 'කලාඳුරු' ටික අද ගේන්නේ පිටරටින්. ත්‍රිකුණාමලෙන් ගෙනාපු නෙරෙංචි ටික අද එන්නේ ඉන්දියාවෙන්. මී පැණි ගේන්නේ ඉන්දියාවෙන්. ඒකට හේතුව වෙලා තියෙන්නේ අපි විසින් සිදු කරන පරිසර විනාශය. අලෙවිය පිණිස අප වෙත රැගෙන එන බොහොමයක් ඖෂධ එදා වෙළෙඳපොළට ගෙනත් දුන්නේ අපේ මිනිස්‌සු. අපේ මහපොළොව මත වැවෙන දේ තමයි ඔවුන් ජීවත් වීම පිණිස ආදායම් මාර්ග බවට පත්කර ගත්තේ. ඒ අය ඉවක් බවක් නැතිව ඒව විනාශ කළේ නෑ. අවශ්‍ය ප්‍රමාණය පමණක් පොළොවෙන් ලබා ගැනීම පමණයි ඒ අය කළේ. ඉන් ග්‍රාමීය ආර්ථිකයට ශක්‌තියක් ලබා ගත්තා. උදාහරණ ලෙස අනුරාධපුරයේ වැවෙන පාවට්‌ට ටික අගලවත්ත, මතුගම ප්‍රදේශයේ බහුලව ඇති වෙනිවැල්ටික, මන්නාරමේ වැවෙන හාතවාරිය ටික, කලාදුරු ටික කොළඹ ආවේ ඒ අය හරහා. අද තත්ත්වය ඊට වෙනස්. මී පැණි පවා ඉන්දියාවෙන් ගෙන්වන්න වෙලා. ගුණයෙන් හා රසයෙන් ඉහළම වටිනාකමක් තියෙන අපේ රටේ මී පැණි ටික පවා අද අහිමි වෙමින් පවතින්නේ අපි විසින් පරිසරයට කරපු හානියේ ප්‍රතිඵල විදියට තමයි.
දිවයින පත්‍රයෙන් උපුටා ගත් ලිපියකි.

0 comments:
Post a Comment