Friday, March 14, 2014

මෙතුමිය සැවැත් නුවර කොසොල් රජු ගේ අග‍්‍ර මහේෂිකාව වේ. ඇය බොහෝ සැදැහැ ඇති අතර නිතර නිතර බණ ඇසීම්, දන්දීම්, සිල් රැුකීම්, ධර්මය කට පාඩම් කිරීම් ආදී පින්කම් කළා ය. බුදු සසුනේ එක්වරක් පමණක් දීමට හැකි අසදෘෂ මහා දානය ද දාහතර කෝටියක් වියදම් කොට දෙන ලදි. නමුදු මිය යන විට ඇය පෙර තිරිසනෙකු හා කල කාම ක්‍රියාවක යෙදීමෙන් කළ පව සිහි වී අපාගත විය. අපායේ ඉපදුන ද කළ කුසල් බොහෝ හෙයින් දින හතක් දුක් විඳ ඉන් චුත වී තුසිත දෙව්ලොව ඉපදී සිටින බව වදාළ සේක.

වර්තමාන සමාජය විසින් කරනා අකුසලයන්හි ප‍්‍රතිඵලයන් කෙසේ වේදැයි උගත් බුද්ධිමත් ඔබ නුවණින් විමසා බලා පවින් වැළකෙත්වා!

මතු සම්බන්ධයි!
 —

0 comments:

Post a Comment

පාඨකයන්