Friday, March 14, 2014


අනුරුද්ධ හිමි ගේ නැගණිය වූ රෝහිණී කුමරිය බලවත් කුෂ්ඨ රෝගයකින් මහත් දුකක් විඳින්නී ය. පසු කාලයේ දී මෙතුමිය අනුරුද්ධ හිමිගේ උපදෙස් පරිදි තම ආභරණ මිල කොට දෙමහල් අසුන් හලක් කොට බුදුපාමොක් මහ සඟුන්ට පුදා නිතර පින් කළා ය. ඒ පිනෙන් ඇගේ කුෂ්ඨ රෝගය සුව විය. මේ කුෂ්ඨ රෝගයට හේතුව තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක. ඈ පෙර බරණැස් රජු ගේ අග මෙහෙසිය වී සිටිය දී අන්‍ය අන්තඃපුර ස්ත‍්‍රියක් කෙරෙහි ක්‍රෝධයෙන් කසඹිළියා පත් ගෙන්වා සුණු කොට ඇගේ නිදන ඇඳේ ගා තබා ඇගේ ඇඟට ද දැමුවා ය. එම ස්ත‍්‍රිය කසඹිළියා සුණු ඇඟට දැමූ කල තමා නිදන කාමරය වෙත දුව ගොස් යහනේ පෙරළිනි. එහිද දමා තිබූ කසඹිළියා පත් නිසා වේදනාව බලවත් වූවා ය. මෙසේ ක්‍රෝධ සිතින් අනුන්ට කළ විපත තමා වෙත විත් හොඳ නො වන කුෂ්ඨ රෝගයක් සෑදී සමාජයට මුහුණ දීමට නො හැකි තත්වයකට පත් වූ බව වදාළ සේක.

(ධම්මපද අට්ඨකථා 607 පිට)

වර්තමාන සමාජය විසින් කරනා අකුසලයන්හි ප‍්‍රතිඵලයන් කෙසේ වේදැයි උගත් බුද්ධිමත් ඔබ නුවණින් විමසා බලා පවින් වැළකෙත්වා!

මතු සම්බන්ධයි!

0 comments:

Post a Comment

පාඨකයන්