Sunday, March 9, 2014


Photo: මෙතුමා කිලිටි කර්ම කොට ජීවත් වන නගර සෝභනියක ගේ කුස ඉපදුනේ ය. ඇය දරුවා බිහි කළ දිනයේ පිරිමි දරුවෙකු බව අසා කෙනෙකු ලවා මේ කිරි කැටි බිළිඳා සොහොනෙ හි දමන ලදි. නමුදු කිසිම සතෙකුගෙන් හිංසාවක් නො වීය. දෙවියන් රැකවරණය දෙන ලදි. පසුව තථාගතයන් වහන්සේ බුදු ඇසින් දැක එහි වැඩි සේක. මිනිසුන් ද එහි රැස් වූහ. එහිදී මේ දරුවා පෙන්වා මොහු ගේ අනාගත වාසනාව ද පෙන්වා මෙසේ වීමට පූර්ව කර්මය ද වදාළ සේක. පෙර සැවැත් නුවර බොහෝ උපාසක පිරිසක් එකතුව මහත් දානයක් දෙන ලදි. මෙය දුටු මසුරු පුරුෂයෙක් ”මේ මුඩු මහණන්ට මේවා දුන්නාට වඩා මේ සියල්ල කසළ ගොඩකට දැම්මේ නම් උතුම් වේ” යැ යි කියන ලදි. පසුව මවගේ කීම නිසා සමාවගෙන දින හතක් මහත් කැඳ දානයක් දුන්නේ ය. මොහු මිය ගොස් පෙර කී සේ ගණිකාවක ගේ කුස ඉපිද ඇය විසින් බිහි වූ දින ම මොහුව කසළ ගොඩකට දැම්ම වූ බව දත යුතු ය.

(කුමාර පේ‍්‍රත වස්තුව 3-5)

වර්තමාන සමාජයේ මිනිසුන් කරනා අකුසලයන්හි ප‍්‍රතිඵලයන් කෙසේ වේදැයි උගත් බුද්ධිමත් ඔබ නුවණින් විමසා බලා පවින් වැළකෙත්වා!

මතු සම්බන්ධයි!

මෙතුමා කිලිටි කර්ම කොට ජීවත් වන නගර සෝභනියක ගේ කුස ඉපදුනේ ය. ඇය දරුවා බිහි කළ දිනයේ පිරිමි දරුවෙකු බව අසා කෙනෙකු ලවා මේ කිරි කැටි බිළිඳා සොහොනෙ හි දමන ලදි. නමුදු කිසිම සතෙකුගෙන් හිංසාවක් නො වීය. දෙවියන් රැකවරණය දෙන ලදි. පසුව තථාගතයන් වහන්සේ බුදු ඇසින් දැක එහි වැඩි සේක. මිනිසුන් ද එහි රැස් වූහ. එහිදී මේ දරුවා පෙන්වා මොහු ගේ අනාගත වාසනාව ද පෙන්වා මෙසේ වීමට පූර්ව කර්මය ද වදාළ සේක. පෙර සැවැත් නුවර බොහෝ උපාසක පිරිසක් එකතුව මහත් දානයක් දෙන ලදි. මෙය දුටු මසුරු පුරුෂයෙක් ”මේ මුඩු මහණන්ට මේවා දුන්නාට වඩා මේ සියල්ල කසළ ගොඩකට දැම්මේ නම් උතුම් වේ” යැ යි කියන ලදි. පසුව මවගේ කීම නිසා සමාවගෙන දින හතක් මහත් කැඳ දානයක් දුන්නේ ය. මොහු මිය ගොස් පෙර කී සේ ගණිකාවක ගේ කුස ඉපිද ඇය විසින් බිහි වූ දින ම මොහුව කසළ ගොඩකට දැම්ම වූ බව දත යුතු ය.

(කුමාර පේ‍්‍රත වස්තුව 3-5)

වර්තමාන සමාජයේ මිනිසුන් කරනා අකුසලයන්හි ප‍්‍රතිඵලයන් කෙසේ වේදැයි උගත් බුද්ධිමත් ඔබ නුවණින් විමසා බලා පවින් වැළකෙත්වා!

0 comments:

Post a Comment

පාඨකයන්